SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ බැංකුවකින් තවත් බැංකුවකට මුදල් යවන්න ලබන වසරේ සිට තත්ත්පර 30 යි.

Electronic money transfers
Source: AAP

1 min read

Published

Updated

By Madhura Seneviratne, Natarsha Kallios

Source: SBS News



Skip to article content

ඔස්ට්‍රේලියාවේ බැංකුවකින් තවත් බැංකුවකට සිදු කෙරෙන ඉලෙක්ට්‍රොනික මුදල් සම්ප්‍රේෂණය මිනිත්තුවක් ඇතුළත සිදු කිරීමට ලබන වසරේ සිට සියලු බැංකු පාරිභෝගිකයින් හට අවස්ථාව ලැබෙන බව වාර්තා වේ.

ඒ අනුව වෙනස්ම බැංකු දෙකක පාරිභෝගිකයින් දෙදෙනෙකු හට තම බැංකු ගිණුම් හරහා එවෙලේම මුදල් හුවමාරු කරගැනීමට මෙම තාක්ෂණය ඔස්සේ හැකියාව ලැබේ.

ඔස්ට්‍රේලියානු බැංකු සමග එක්ව මේ සඳහා මූලික පියවර තබා ඇති බව New Payments Platform හි ප්‍රධාන විධායක Adrian Lovney පවසයි.

මෙම නව තාක්ෂණික ක්‍රමවේදය හඳුන්වා දුන් පසු ඕනෑම ඉලෙක්ට්‍රොනික මුදල් හුවමාරුවකදී ලබන්නාගේ බැංකු ගිණුමට තත්ත්පර 30 ක් ඇතුළත මුදල් ලැබෙන බව ඔහු පවසයි.

ඔස්ට්‍රේලියාවේ දැනට භාවිතා කරන මුදල් සම්ප්‍රේෂණ ක්‍රමය වසර 50 ක් පමණ පැරණි බවද ඔහු පෙන්වා දෙයි.

වර්තමානයේ බැංකු දෙකක් අතර මුදල් සම්ප්‍රේෂණය කිරීමේදී එම ගණුදෙනුව ඔස්ට්‍රේලියානු සංචිත බැංකුව හරහා ගමන් ගන්නා බැවින් ඒ සඳහා දින 2-5 ත් අතර කාලයක් ගත වෙයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now