SKIP TO MAIN CONTENT

ප්‍රංශ ජනාධිපතිවරණයේදී Emmanuel Macron ඉදරියෙන්.

French election 2017
Source: Reuters

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ප්‍රංශ ජනාධිපතිවරණය සම්බන්ධව එරට ක්‍රියාත්මක වන ප්‍රධාන පෙළේ සමීක්ෂණ වලින් පෙන්වා දෙන ආකාරයට අවසන් ඡන්ද විමසීමේදී  Emmanuel Macron 60% කට වඩා ඡන්ද ලබා ගන්නා බවත්  Marine Le Pen 36% ක් පමණ ඡන්ද ලබා ගන්නා බවත් හෙළිවී තිබේ.

මේ අතර ප්‍රංශ ජනාධිපතිවරණයේ අවසන් වටය සඳහා තේරී පත්වූ ස්වාධීන අපේක්ෂක Emmanuel Macron  හට එරට ප්‍රධාන දේශපාලන පක්ෂ වල ජ්‍යෙෂ්ඨයින්ගේ සහය හිමිවී ඇති බව වාර්තා වේ.

පසුගිය ඉරිදා (23/04) පැවති ප්‍රංශ ජනාධිපතිවරණයේ පළමු වටයේ ඡන්ද විමසීමෙන් අනතුරුව Emmanuel Macron   සහ  Marine Le Pen අවසාන වටයට තේරී පත් විය.

ඒ අනුව ප්‍රංශ ජනාධිපතිවරණයේ  අවසාන වටයේ ඡන්ද විමසීම මැයි 07 වන දින පැවැත්වීමට නියමිතය.

මේ අතර ජනාධිපතිවරයා ලෙස තේරී පත් වීමෙන්  නැවත ප්‍රංශය එක්සත් කළ හැකි වන්නේ තම සමාජවාදී රජයේ හිටපු ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය Emmanuel Macron  හට පමණක් බව ප්‍රංශයේ වතමන් ජනාධිපති Francois Hollande පවසයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now