ප්‍රංශයේ ලාබාලතම ජනපති ලෙස Emmanuel Macron ජය ලබයි.

French Election 2017

Source: AAP

ප්‍රංශ ජනාධිපතිවරණයේ ඊයේ (07/05) පැවති අවසන් වටයේ ඡන්ද විමසීමේදී Marine Le Pen පරදවා Emmanuel Macron අති විශිෂ්ඨ ජයක් අත්කරගැනීමට සමත්වී තිබේ.

ප්‍රංශ නිල වාර්තාවලට අනුව Emmanuel Macron හට සමස්ත ඡන්ද සංඛ්‍යාවෙන් 65% ක පමණ ප්‍රතිශතයක්ද  Marine Le Pen හට 35% ක ප්‍රතිශතයක්ද ලැබී තිබේ.

ඒ අනුව ප්‍රංශ ඉතිහාසයේ ලාබාලතම ජනාධිපතිවරයා ලෙස 39 හැවිරිදි Emmanuel Macron ඉතිහාස ගතවනු ඇත.

ලෝක ප්‍රසිද්ධ ප්‍රංශයේ ලුවී කෞතුකාගාරය ඉදිරිපිට ඇති වීදුරු පිරමීඩය අසල සිට Emmanuel Macron ගේ ජයග්‍රහණය පිළිබඳ නිල නිවේදනය සිදු කළේය.

 "බොහෝ අය මෙම මැතිවරණය ජයගැනීම අපහසු බව පැවසුවා. නමුත් ඔවුන් ප්‍රංශය ගැන දන්නේ නැහැ" යනුවෙන් එහිදී  Emmanuel Macron තම ස්තුතිය පැමිණ සිටි ආධාරකරුවන් හට පළ කළේය.

ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් ද ප්‍රංශ නව ජනාධිපති  Emmanuel Macron හට තම නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සුභාෂිංශන පළ කර තිබේ.

French Election 2017
Source: Twitter

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now