SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාව සතුව ගෘහස්ථ පරිභෝජනය සඳහා ප්‍රමාණවත් ගෑස් සංචිත පවතින බවට ඔස්ට්‍රේලියානු බලශක්ති අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්.

Australia Gas
Environment and Energy Minister Josh Frydenberg Source: AAP

1 min read

Published

By Madhura Seneviratne



Skip to article content

ඔස්ට්‍රේලියාව සතුව ගෘහස්ථ පරිභෝජනය සඳහා ප්‍රමාණවත් ගෑස් සංචිත  පවතින බව ඔස්ට්‍රේලියානු රජයේ බලශක්ති අමාත්‍ය  Josh Frydenberg  පවසයි.

ඒ අනුව ලබන වසරේදී ඇතිවීමට ඉඩ ඇතැයි පැවසෙන ගෑස් හිඟය පිළිබඳ මතය සාවද්‍ය බවද ඔහු පෙන්වා දුන්නේය.

ඔස්ට්‍රේලියානු තරගකාරීත්ව සහ පාරිභෝගික කොමිසම විසින් ගෑස් හිඟයක් ඇතිවීම පිළිබඳ සිදුකළ අනතුරු ඇඟවීමෙන් පසුව අමාත්‍යවරයා මේ බව පැහැදිලි කළේය.

ඔස්ට්‍රේලියාවේ නිපදවන ගෑස් ජාත්‍යන්තර වෙළෙඳ පොළට අපනයනය කිරීමට පෙර දේශීය සැපයුමට ප්‍රමාණවත් සංචිත තබාගැනීම සඳහා ගෑස් අපනයනයට යම් සීමාවන් පැනවීමට ඔස්ට්‍රේලියානු රජයට ඇතැම් පාර්ශව විසින් බලපෑම් එල්ල විය.

නමුත් ගෑස් සැපයුම්කරුවන් සමග රජය ඇතිකරගත් අවබෝධතාව මත එසේ සිදු කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ඔහු පවසයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now