නවදිල්ලි හී ෆෙරෝස් ෂා කොට්ලා ක්‍රීඩාංගනයේදී පැවති මෙම තරගයේ කාසියේ වාසිය හිමි කරගත් එංගලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීම නවසීලන්තයට ලබාදුන් අතර එහිදී ඔවුන් කඩුලු 8ක් දැවී ලකුණු 153ක් වාර්තා කරන්නට සමත් විය.
පසුව පිළිතුරු ඉනිම ආරම්භ කල එංගලන්ත පිති කරුවන් පන්දුවාර 17කුත් එක පන්දුවක් අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 159ක් වාර්තා කරමින් තරගයේ ජයග්‍රහණය හිමි කරගන්නට සමත් විය.
මෙහිදී එංගලන්තය වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩා කල ජේසන් රෝයි පන්දු 44කදී ලකුණු 78ක් වාර්තා කරමින් එංගලන්තය ජයග්‍රහණය කරා ගෙනයන්නට සමත් විය. ජේසන් රෝයි තම 20-20 ජාත්‍යන්තර තරග දිවිය තුල ලකුණු 50 සීමාව ඉක්මවා ගිය ප්‍රථම වතාව මෙය බවත් සදහන්.
ඒ අනුව එලඹෙන අප්‍රේල් 3 වන ඉරිදා ඉන්දියාවේ කල්කටා හිදී පැවැත්වෙන 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරවලියේ අවසන් තරගයට සුදුසකම් ලබන්නට එංගලන්ත කණ්ඩායම සමත් වන අතර, අද පැවැත්වෙන ඉන්දීය - කොදෙව් දෙවන අවසන් පුර්ව තරගයෙන් ජයග්‍රහණය කරන කණ්ඩායම සමගින් එංගලන්තය අවසන් තරගයට මුහුණ දීමට නියමිතයි.

