SKIP TO MAIN CONTENT

එංගලන්ත - ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගයේ ජයග්‍රහණයට එංගලන්තය තවත් ලකුණු 36 ක් පිටුපසින්

England need 36 runs to win the first Test against Sri Lanka
Source: Facebook/ Sri Lanka Cricket

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිව්වන දිනය නිමා වන විට තරගයේ ජයග්‍රහණයට එංගලන්තය තවත් ලකුණු 36 ක් පිටුපසින් සිටියි.

ඊයේ (17/01) පස්වරුවේදී ශ්‍රී ලංකා පිළේ දෙවැනි ඉනිම ලකුණු 359 කට සීමා කිරීමට එංගලන්ත පන්දු යවන්නෝ සමත් වූහ.

ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේදී ලහිරු තිරිමාන්න අගනා ලකුණු 111 ක් රැස් කරගත් අතර එලෙස ඔහු ටෙස්ට් ශතකයක් වාර්තා කරනු ලැබුවේ වසර 8 කට පසුවීමද විශේෂත්වයකි.

මේ අතර ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 71 ක් ලබාගැනීමට සමත් විය.

එංගලන්තය මේ වන විට සිය දෙවැනි ඉනිම සඳහා කඩුලු 3 ක් දැවී ලකණු 38 ක් ලබා සිටියි.

අද (18/01) තරගයේ 5 වන හෙවත් අවසාන දිනය වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now