වාර්තාගත ලකුණු පසු පස හඹා යෑමක් සමගින් එංගලන්ත කණ්ඩායමට කඩුලු 2ක ජයක්.

20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ඊයේ දකුණු අප්‍රිකාව සහ එංගලන්තය අතර පැවති තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකාව ලකුණු 229ක් වර්ටහ කල අතර, පන්දුවාර 19 කුත් පන්දු 4ක් අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 230ක් වාර්තා කරමින් එම තරගයෙන් වර්තා ගත ජයක් හිමි කරගන්නට එංගලන්ත ක්‍රීඩකයින් සමත් විය.

Moeen Ali of England celebrates hitting the winning runs with Adil Rashid

Moeen Ali of England celebrates hitting the winning runs with Adil Rashid to win the ICC World Twenty20 India 2016 Super 10s Group 1 match between SA Source: Getty Images

ලොව 20-20 ජාත්‍යන්තර තරගයකදී කණ්ඩායමක් ලකුණු පසුපස හඹා ගොස් ජයග්‍රහණය කල දෙවැනි වැඩිම ලකුණු ප්‍රමාණය මෙය වන අතර මිට පෙර දකුණු අප්‍රිකාව වාර්තා කල ලකුණු 231 කට පිළිතුරු වශයෙන් ලකුණු 236ක් වාර්තා කරමින් බටහිර ඉන්දීය කොදෙව්වන් 2015 වසරේ බිහි කල වාර්තාව වැඩිම ලකුණු පසුපස හඹා යෑම ලෙස වාර්තා අතරට එක්ව තිබේ.

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකාව කඩුලු  4ක් දැවී ලකුණු 229ක් වාර්තා කල අතර එහිදී අර්ධ ශතක තුනක් වාර්තා වීම කැපී පෙනෙන සිදු වීමක්. හෂීම් අම්ලා  ලකුණු 58ක් වාර්තා කල අතර, ක්වින්ටන් ඩි  කොක් ලකුණු 52 ක්ද, JP  ඩුමිනි නොදැවී ලකුණු 54 කින්ද දකුණු අප්‍රිකානු ඉනිමට දායකත්වය ලබාදුන්නේය.

 තරගයේ ජයග්‍රහණය සදහා ලකුණු 230ක ඉලක්කයක් හඹා ගිය එංගලන්ත ඉනිම තුල , ජෝ රූට් සහ ජෝෂ් බට්ලර් එක්ව 5 වන කඩුල්ල වෙනුවෙන් අගනා  ලකුණු 75ක සබදතාවයක් ගොඩනගන්නට සමත් වූ අතර ජෝ රූට් පන්දු 44 කදී වේගවත් ලකුණු 83ක් වාර්තා කරන්නට සමත් විය.

මුම්බායි හි වන්කඩේ තනතිරුව පිතිකරුවන්ට හිතකර තනතිරුවක් බව මෙම තරගයේ කණ්ඩායම් දෙකේම පති කරුවන් ලකුණු වාර්තා කල ආකාරයෙන් පෙන්නුම් කල අතර එංගලන්තය තම ලකුණු 50 වාර්තා කලේ පන්දුවාර 2 කුත් පන්දු 5ක් අවසානයේ. දකුණු අප්‍රිකාව තම ලකුණු 50 ඊයේ දිනයේදී පන්දු වාර  3කුත් පන්දු 5ක් අවසානයේ වාර්තා කරන්නට සමත් විය. එමෙන්ම කණ්ඩයම් දෙකම powerplay ක්‍රියාත්මක වූ පළමු ඕවර 6 දී ලකුණු 80කට වැඩි ප්‍රමාණයක් වාර්තා කිරීමද මෙහිදී කැපී පෙනුන සිදුවීමක්. කණ්ඩායම් දෙකම 8 වැනි පන්දුවාරයේදී ලකුණු 100 ඉකමව යෑම  වන්කඩේ තණ  තීරුව  පිතිකරුවන්ට හිතකර තණ  තීරුවක් බව පෙන්වා දෙන තවත් සාධකයක්.

මෙවර 20-20 ලෝක කුසලානය යටතේ එංගලන්තය මුහුණ දුන් පළමු තරගයේදී කොදෙව්වන් හමුවේ ඔවුන් පරාජයට පත් වුනත් මෙම දැවැන්ත ජයග්‍රහණය ඔවුන්ට තරගාවලිය තුල ඉදිරියට යැමට  උත්ප්‍රේරණයක් ලබාදෙනු ඇති.


2 min read

Published

Updated



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now