SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම සහ සංචාරක එංගලන්ත කණ්ඩායම අතර දෙවැනි පුහුණු තරගය අද ඇරඹේ

England tour of Sri Lanka
Source: Facebook

1 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම සහ සංචාරක එංගලන්ත කණ්ඩායම අතර අද (12/03) ආරම්භවන දෙවන පෙරහුරු තරගය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායමේ නායකත්වය ලහිරු තිරිමාන්නට හිමිව ඇත.

තරඟය සිව්දින පෙරහුරු තරඟයක් ලෙසට ක්‍රියාත්මක වේ.

ලහිරු තිරිමාන්න පසුගිය පසුගිය සිම්බාබ්වේ ක්‍රිකට් තරඟාවලිය සඳහා ඇතුළත්ව සිටියද මෙවර එංගලන්ත පිලේ ශ්‍රී ලංකා සංචාරයේ සංචිතයට ඇතුලත්ව නොමැත.

දෙවන පුහුණු තරඟය අද P සරා ඕවල් ක්‍රීඩාංගනයේදී ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 10 ට , නැතහොත් ඕස්ට්‍රේලියානු නැගෙනහිර දිවා සම්මත වේලාවෙන් සවස 3.30 ට අරම්භවීමට නියමිතය.

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර ටෙස්ට් තරඟාවලිය තරඟ දෙකකින් සමන්විතය.

ඉන් පළමුවැන්න මාර්තු 19 දා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීද දෙවැන්න මාර්තු 27 දා කොළඹ SSC ක්‍රීඩාංගනයේදීද අරම්භවීමට නියමිතය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now