ශ්‍රී ලංකා - එංගලන්ත ටෙස්ට් තරඟාවලිය 2-0 ක් ලෙස එංගලන්තය ජය ගනී

cricket.lk

Source: cricket.lk

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවති දෙවැනි සහ අවසන් ටෙස්ට් තරඟය කඩුලු 6කින් ජය ලැබීමට සංචාරක එංගලන්ත කණ්ඩායම සමත් වේ.

තරඟයේ සිව් වැනි දිනය වූ ඊයේ දිනයේදී, සිය ජයග්‍රහණය සඳහා අවශ්‍ය ලකුණු 164ක ඉලක්කය කඩුලු 4ක් පමණක් දැවී රැස් කිරීමට එංගලන්ත ක්‍රීඩකන් සමත් වූ අතර ඒ අනුව දෙරට අතර පැවති ටෙස්ට් තරඟාවලිය 2-0ක් ලෙස ජයගැනීමට සංචාරක එංගලන්ත කණ්ඩායම සමත් විය.

මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ටෙස්ට් තරඟ 4ක් පරාජය වී තිබේ. පසුගිය දා දකුණු අප්‍රිකාව සමග එරට පැවති ටෙස්ට් තරඟාවලිය ද 2-0ක් ලෙස ශ්‍රී ලංකාව පරාජය විය.

දෙවැනි ටෙස්ට් තරඟයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව ලකුණු 381ක් රැස්කළ අතර ඊට පිළිතුරු ලෙස සංචාරක එංගලන්ත කණ්ඩායම ලකුණු 344කට සියලු ක්‍රීඩකයින් දැවී ගියේය.

ලකුණු 37ක් ඉදිරියෙන් සිටිමින් සිය දෙවැනි ඉනිම ඇරඹු ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවැනි ඉනිම ලකුණු 126කට සීමා විය.

ඒ අනුව ජයග්‍රහණය සඳහා අවශ්‍ය ලකුණු 164ක ඉලක්කය කඩුලු 4ක් පමණක් දැවී ලබාගැනීමට සංචාරක එංගලන්ත කණ්ඩායම සමත් විය.

ලසිත් ඇඹුල්දෙණිය ලකුණු 77ට කඩුලු 3ක් ලබා ගත් අතර ඒ අනුව මෙම තරඟයේදී ලකුණු 214කට කඩුලු 10ක් දවා ගැනීමට ඔහු සමත් වී තිබේ.


1 min read

Published

Updated

By Nipuna Dodangoda



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now