SKIP TO MAIN CONTENT

ඉන්දියාවම හඬවා එංගලන්තය කාන්තා ලෝක කුසලානය උදුරා ගනියි.

ICC Women's Cricket World Cup 2017
Source: Getty Images

2 min read

Published

By Madhura Seneviratne

Source: espncricinfo



Skip to article content

එංගලන්තයේ ලන්ඩන් නුවර ලෝඩ්ස් ක්‍රීඩාංගනයේදී ඊයේ (23/07) නිමාව දුටු කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගයෙන් ඉන්දියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලකුණු 9 කින් පරාජය කරමින් තියුණු ජයක් අත් කරගැනීමට එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් විය.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම තම පන්දුවාර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 228 ක් ලබා ගත්තේය.

ඉන් අනතුරුව ජයග්‍රාහී ලකුණු 229 ක ඉලක්කයක් හඹා යාමට පිවිසි ඉන්දියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම අවසානය වනතුරු තියුණු සටනක නිරත විය.

අවසාන ක්‍රීඩිකාවන් දෙපළට ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 10 ක් ලබාගැනීමට අවශ්‍යව තිබුණු නමුත් එංගලන්ත පිළේ Anya Shrubsole ගේ සුපිරි පන්දු යැවීම හමුවේ එය ව්‍යර්ථ විය.

Anya Shrubsole ලකුණු 46 කට ඉන්දීය පිළේ කඩුලු 6 ක් බිඳ හෙළීමට සමත්වීමද කැපී පෙනෙන සිදුවීමකි.

මෙය කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක අවසාන මහා තරගයකදී දැක්වූ විශිෂ්ඨතම පන්දු යැවීම ලෙසද වාර්තා වේ.

තරගයේ වීරයා සම්මානය Anya Shrubsole හට හිමිවූ අතර තරගාවලියේ වීරයා සම්මානය එංගලන්ත පිලේ Tammy Beaumont හට හිමි විය.

මෙය එංගලන්ත කාන්තා පිළ පැමිණි 5 වන අවසාන මහා තරගය වන අතර ඉන් අවසාන මහා තරග 4 ක් ම ජයගෙන එංගලන්ත කාන්තා පිළ අවස්ථා හතරකදී කාන්තා ලෝක කුසලානය ජයගෙන තිබේ.

මෙය ඉන්දීය කාන්තා කණ්ඩායමේ දෙවැනි අවසාන මහා තරග අත්දැකීම වන අතර ඔවුන්ට තවමත් කාන්තා ලෝක කුසලානයක් ජයගැනීමට අවස්තාව උදාවී නොමැත.

සෙසු කාන්තා ලෝක කුසලාන 7 ම දිනා ඇත්තේ ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම විසිනි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now