SKIP TO MAIN CONTENT

කෙරෝනා නිසා කල් ගිය එංගලන්ත පිලේ ශ්‍රී ලංකා සංචාරය 2021 ජනවාරි මාසයට යොදාගැනීමට සාකච්ඡා

England’s Sri Lanka tour rescheduled for January 2021 says SLC CEO
Source: Supplied

1 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

කෙරෝනා වයිරසය ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වීම ආරම්භ වීමත් සමගම කල්දමන ලද එංගලන්ත පිලේ ශ්‍රී ලංකා සංචාරය ලබන වසරේ ජනවාරි මාසයට යොදාගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පවසයි.

ලෝක ටෙස්ට් ශූරතාවලියට ඇතුළත් ටෙස්ට් තරග 2 කින් සමන්විත වූ මෙම තරගාවලිය පසුගිය මාර්තු මාසයේදී පැවැත්වීමට නියමිතව තිබිණ. මෙම තරගාවලියට සහභාගිවීම සඳහා එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණ සිටියද COVID 19 වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාව වසා දැමීම නිසා එංගලන්ත කණ්ඩායමට ආපසු පිටත්ව යාමට සිදුවිය.

ICC ටෙස්ට් නවතම ශ්‍රේණිගත කිරීමට අනුව ශ්‍රී ලංකාව මේ වන විට ලෝකයේ හොඳම කණ්ඩායම් 5 අතරට එක්ව සිටී. ඒ අනුව ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු 91 ක් ලබා 5 වැනි ස්ථානයේද, එංගලන්තය ප්‍රසාද ලකුණු 105 ක් ලබා 4 වැනි ස්ථානයේද සිටී.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now