SKIP TO MAIN CONTENT

ICC ය ශමින්ද එරංග ව නිදහස් කරයි.

Eranga cleared to bowl by ICC.
Source: Getty Images

1 min read

Published

By Madhura Seneviratne

Source: espncricinfo



Skip to article content

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ශමින්ද එරංගගේ පන්දු යැවීම නීත්‍යානුකූල බව  අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ඊයේ (18/07) නිවේදනය කළේය.

ඒ අනුව ඔහුට ඉදිරියේදී ශ්‍රී ලංකාව සහභාගී වන ජාත්‍යන්තර තරග වලට සහභාගි වීමට හැකියාව ලැබේ.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ බලය ලත් චෙන්නායි නුවර පර්යේෂණායතනයේදී පරීක්‍ෂණ වලට මුහුණ දුන් එරංග පන්දු යැවීමේදී අත නවනු ලබන ප්‍රමාණය අංශක 15 ඇතුළත පවතින බවට නිගමනය වී තිබේ.

එම පරීක්‍ෂණය කර ඇත්තේ එරංග සිය පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි කරගැනීමෙන් පසුවය.

කෙසේ වෙතත් එරංග පන්දු යැවීමේදී කිසියම් සැකයක් ඇතිවුවහොත් ඒ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමේ අවස්ථාව විනිසුරුවරුන්ට තිබේ.

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පසුගිය වසරේදී chester le street පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් පසුව එරංගගේ පන්දු යැවීම නීති විරෝධී බව පැමිණිලි කෙරුණ හෙයින් ඔහුගේ පන්දු යැවීම තහනම් කරන ලදි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now