SKIP TO MAIN CONTENT

ප්‍රථම දිනය නිමාවන විට සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 8කට ලකුණු 344 යි.

Ervine's 151* highup Zimbabwe up to 344.
Source: AFP

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: espncricinfo



Skip to article content

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී අද (14/07) ආරම්භවූ ප්‍රථම හා එකම ටෙස්ට් තරගයේ පළමු දිනය නිමා වන විට සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 8 ක් දැවී ලකුණු 344 ක් ලබාගෙන සිටියි.

කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය.

සිම්බාබ්වේ පිළ වෙනුවෙන් ක්‍රෙග් අර්වින් දිනය නිමා වන විට නොදැවී ලකුණු 151 ක් ලබා සිටියි.

ශ්‍රී ලංකා පිළේ රංගන හේරත් කඩුලු 4ක්ද අසේල ගුණරත්න කඩුලු 2ක් ද ලහිරු පෙරේරා සහ දිල්රුවන් පෙරේරා එක් කඩුල්ල බැගින්ද දවා ගත්තේය.

හෙට (15/07) තරගයේ දෙවැනි දිනය වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now