සෞඛ්‍ය අංශවල ඉදිරිපෙළ සේවකයින්, කාන්තාවන්, ළමුන්, age care පදිංචිකරුවන්, ආබාධ සහිත පුද්ගලයින්, ජනවාර්ගික ප්‍රජාවන් සහ ජාත්‍යන්තර සිසුන් කොවිඩ් වසංගතයේ වැඩිබරක් දරා ඇති බව COVID-19 අර්බුදය ඔස්ට්‍රේලියාව හැසිරවූ ආකාරය සම්බන්ධයෙන් සිදුකළ ස්වාධීන සමාලෝචනයක් සඳහන් කරයි.
"රජයන් සහ රාජ්‍ය සේවකයින් අවිනිශ්චිතතාවකින් යුතු තත්ත්වයක තීරණ ගනිමින් සිටියා. එම අවස්ථාවේ දී තමන් වඩා හොඳින් තීරණ ගනු ඇතැයි කිසිඳු මණ්ඩලයකට විශ්වාස කළ නොහැකි වුණා." යනුවෙන් අදාළ වාර්තාව පවසයි.
නමුත් ආපසු හැරී බලන විට සැලකිය යුතු වැරදි සිදු වී ඇති බව ඒත්තු ගැන්වෙන බව ද එම වාර්තාව ප්‍රකාශ කරයි.
රජයන් සහ ව්‍යාපාර සාධාරණව හා සමානව ආර්ථික ආධාර ලබාදිය යුතුව තිබූ බවත්, lockdown කිරීම් සහ දේශසීමා වැසීම අඩුවෙන් භාවිතා කළ යුතුව තිබූ බවත්, පාසල් විවෘතව පැවතිය යුතු බවත්, වැඩිහිටි ඔස්ට්‍රේලියානුවන් වඩාත් හොඳින් ආරක්ෂා කළ යුතුව තිබූ බවත් එම වාර්තාවේ සඳහන් වේ.
"සංක්‍රමණිකයන්ට සහ ජාත්‍යන්තර සිසුන්ට රජයේ ආර්ථික ආධාර ලබා නොදීම එම මිනිසුන්ව අනතුරට පත් කිරීමක් යනුවෙන් ද වාර්තාව සඳහන් කරයි.
ඔස්ට්‍රේලියාවේ උපත ලැබූ ඔස්ට්‍රේලියාවේ පුද්ගලයින්ගේ වයස අනුව ප්‍රමිතිගත COVID-19 මරණ අනුපාතය 2022 ජනවාරි වන විට ඔස්ට්‍රේලියාවේ උපත ලැබූ සංඛ්‍යාව මෙන් තුන් ගුණයකින් වැඩි බව එහි සඳහන් වේ.
එක්සත් රාජධානියේ උපත ලැබූ පුද්ගලයින්ට ඔස්ට්‍රේලියාවේ උපන් අයට සමාන මරණ අනුපාතයක් තිබුණු නමුත් මැද පෙරදිග උපන් අයට එය 12 ගුණයකට වඩා වැඩි වූ බව එය තවදුරටත් පැවසීය.
මෙම වාර්තාව කනස්සල්ලක් මතු කරන අතර කම්කරු රජය අනාගතයේදී සිදු කරන ඕනෑම ජාතික පරීක්ෂණයකට මෙය දායක වනු ඇති බව අගමැති Anthony Albanese පැවසීය.
“අපි වසංගතයෙන් පාඩම් ඉගෙන ගත යුතුයි,” ඔහු වාර්තාකරුවන්ට පැවසීය.
මෙම වාර්තාව සඳහා අරමුදල් සපයන ලද්දේ Andrew Forrest's Minderoo පදනම, Paul Ramsay පදනම සහ John and Miriam Wylie පදනම විසිනි.
COVID-19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කරන ඔස්ට්‍රේලියානුවන්ට දෙසැම්බර් 31 දක්වා ඕනෑම පවුලේ වෛද්‍යවරයෙකු හෝ වෙනත් වෛද්‍ය වෘත්තිකයෙකු විසින් සපයනු ලබන ටෙලිහෙල්ත් සේවාවන් සඳහා Medicare වට්ටම් ලබා ගත හැකි බව ඔස්ට්‍රේලියානු වෛද්‍ය සංගමය පවසයි.
ඔස්ට්‍රේලියානු ඖෂධ හා චිකිත්සක අධිකාරිය විසින් Moderna හි COVID-19 එන්නත අවුරුදු 12-17 අතර පුද්ගලයින් සඳහා බූස්ටර් මාත්‍රාවක් ලෙස භාවිතා කිරීමට තාවකාලිකව අනුමත කර ඇත.
ප්‍රතිශක්තිකරණය පිළිබඳ ඔස්ට්‍රේලියානු තාක්‍ෂණික උපදේශක කණ්ඩායම අවසාන අනුමැතිය සඳහා ෆෙඩරල් සෞඛ්‍ය අමාත්‍යවරයාට නිර්දේශ කිරීමට පෙර බූස්ටර් මාත්‍රාවේ ප්‍රතිලාභ තක්සේරු කරනු ඇත.
PCR පරීක්ෂණ ඉල්ලුම අඩුවීම හේතුවෙන් බටහිර ඕස්ට්‍රේලියාව විසින් Rockingham මහා රෝහලේ මහජන drive-through සායනය, Royal Perth රෝහලේ walk-in සායනය සහ Broome Health Campus සහ Bunbury Health Campus හි ප්‍රාදේශීය සායන මේ මස අග වන විට වසා දමනු ඇත.
ගෝලීය COVID-19 රෝගීන් සති අටක් අඛණ්ඩව පහත වැටී ඇති නමුත් COVID ජාත්‍යන්තර අවධානයට ලක්වන මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ලෙස නොකඩවා පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය Tedros Adhanom Ghebreyesus පැවසුවේය.
ජර්මනිය, ප්‍රංශය, චීනය, ඉතාලිය සහ ඇමෙරිකාව ඉහළම ගෝලීය කොවිඩ් රෝගීන් වාර්තා කර ඇත.
ඔස්ට්‍රේලියාවේ ඒ ඒ ප්‍රාන්තයේ සහ ටෙරිටරියේ Long COVID සායන ඇති ස්ථාන මෙතනින් සොයාගන්න
ඔස්ට්‍රේලියාවේ ඒ ඒ ප්‍රාන්තයේ සහ ටෙරිටරියේ COVID-19 පරීක්ෂාකරන ස්ථාන මෙතනින් සොයාගන්න