SKIP TO MAIN CONTENT

ලංකාවට GSP + බදු සහනය ලබා නොදෙන ලෙස යුරෝපා පාර්ලිමේන්තුවට යෝජනාවක්.

GSP +
Source: SBS

2 min read

Published

Updated

By Madhura Seneviratne

Source: PTI



Skip to article content

GSP + බදු සහනය ශ්‍රී ලංකාවට ලබාදීමට එරෙහිව  පනස් දෙදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් යුරෝපා පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කර තිබෙන බව වාර්තා වේ.

ශ්‍රී ලංකා රජයේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ප්‍රමාණවත් නොවන බවත්,GSP + බදු සහනය ලබාදීම සඳහා වු නිර්දේශ සැපිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර නොමැති බවත් පවසමින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබෙන බව සඳහන්.

ඒ අනුව GSP + බදු සහනය ශ්‍රී ලංකාවට ලබාදීම වළක්වාලන ලෙස යුරෝපා කොමිසමට දැනුම්දෙන ලෙස අදාළ යෝජනාව මඟින් ඉල්ලා තිබේ.

මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකාව විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග මන්දගාමී බව පසුගියදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වු වාර්තාව උපුටා දක්වමින් අදාළ පාර්ලිමේන්තු කණ්ඩායම පෙන්වා දී ඇත.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි නොකිරීම, මානව හිමිකම් උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන්  චෝදනා ලැබු පුද්ගලයින්ට දඞුවම් ලබානොදීම වැනි කරුණු පිළිබදව ද එම යෝජනාව මඟින් අවධාරණය කර තිබේ.

මෙම යෝජනාව එළඹෙන අප්‍රේල් මස 26 සහ 27 යන දිනවලදී යුරෝපා පාර්ලිමේන්තුවේ දී සාකච්ඡා කිරීමට නියමිත අතර එය සම්මත කරගැනීම සඳහා ඡන්ද විමසීමක් පැවැත්වීමට ද නියමිත බව වාර්තා වේ.

යෝජනාව සම්මත කරගැනීමට නම් යුරෝපා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධූර 751න් 376ක ඡන්ද සංඛ්‍යාවක් හිමිවිය යුතු බව වාර්තා වන අතර එය සම්මත වුවහොත් ආදළ යෝජනාව යුරෝපා සංගමය වෙත යොමුකිරීමට ද  නියමිතව තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now