SKIP TO MAIN CONTENT

කොරෝනා නිසා කඩා වැටුණු සංචාරක කර්මාන්තය බේරා ගැනීමට යුරෝපා සංගමය සිය දේශසීමා නැවත විවෘත කිරීමට සැලසුම් කරයි

German Federal Police Test New Biometric Border Control
Frankfurt International Airport Source: Getty Images Europe

2 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS News


Skip to article content

කොරෝනා වසංගතයෙන් දැඩි ලෙස පීඩාවට පත් සංචාරක කර්මාන්තය බේරා ගැනීමේ අරමුණින් යුරෝපා සංගමය සිය දේශසීමා නැවත විවෘත කිරීමට සැලසුම් කර තිබේ.

සමාන ආසාදන තත්වයක් ඇති හා සෞඛ්‍ය පද්ධති ඇති රටවල්, එකිනෙකා අතර දේශ සීමා විවෘත කිරීම සඳහා කටයුතු කරන්නැයි යුරෝපා සංගමය තම සාමාජික රටවලින් ඉල්ලා සිටී.

යුරෝපා සංගමයට අයත් රටවල සහ බ්‍රිතාන්‍යයේ, කොරෝනා වෛරස් මරණ සංඛ්‍යාව 1,50,000 ක් පමණ දක්වා ඉහළ ගොස් ඇති නමුත් මහාද්වීපයේ බොහෝ ප්‍රදේශවල ආසාදන අඩු වී ඇති හෙයින් බොහෝ රටවල් වල මේ දක්වා ක්‍රියාත්මක සිමා ලිහිල් කිරීමට කටයුතු කොට තිබේ.

කෙසේ වෙතත්, අවම වශයෙන් ජුනි 15 වනදා දක්වා වන කල සීමාව තුලදී පිටත රටවල සිට පැමිණෙන සංචාරකයින් හට යුරෝපයට ඇතුළු වීමට අවකාශ නොලැබේ.

යුරෝපීය ස්වදේශ කටයුතු කොමසාරිස් Ylva Johansson පවසන්නේ සමාජ දුරස්ථභාවය සහ රෝග නිර්ණය සඳහා වන පරීක්ෂණ වැනි ක්‍රියාමාර්ග තවදුරටත් පවත්වාගෙන යා යුතු බවයි.

මේ අතර නවසීලන්තය ද අද දිනයේදී කොරෝනා වයිරස් තත්වය හේතුවෙන් පනවන ලැබූ සීමා කිරීම් තවදුරටත් ලිහිල් කිරීමට බලාපොරොත්තු වේ. ඒ අනුව බොහෝ ව්‍යාපාරවලට නැවත විවෘත කිරීමට හැකි වනු ඇති අතර පුද්ගල රැස්වීම් දස දෙනෙකුට සීමා වේ.

අග්‍රාමාත්‍ය Jacinda Ardern පවසන්නේ නවසීලන්තය ද ලොව අනෙකුත් රටවල් මෙන් ආර්ථික අර්බුදයෙන් නිදහස් නොවනු ඇති බවයි. නමුත් නිවැරදි තීන්දු ගැනීම සිදු කළහොත් රට ඉක්මනින් යථා තත්ත්වයට පත්විය හැකි බවට ඇය විශ්වාසය පලකොට සිටී.

පසුගිය දින දෙක තුලදී නවසීලන්තයෙන් කොරෝනා ආසාදිතයින් කිසිවෙකු වාර්තා වී නොමැත.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now