SKIP TO MAIN CONTENT

LTTE සංවිධානය ත්‍රස්තවාදී ලයිස්තුවෙන් ඉවත් නොකරන බව යුරෝපා සංගමය පවසයි.

European Union said that LTTE remains a terrorist organisation.
Source: www.thetimes.co.uk

1 min read

Published

By Madhura Seneviratne

Source: Daily Mirror



Skip to article content

LTTE සංවිධානය ත්‍රස්තවාදී සංවිධාන ලැයිස්තුවෙන් ඉවත් කරමින් යුරෝපා සංගමයේ නීති අධිකරණය ලබා දුන් තීන්දුව නොතකා එම තහනම තවදුරටත් බලපැවැත්වෙන බව යුරෝපා සංගමය නිවේදනයක් නිකුත් කරමින් ඊයේ (26/07) ප්‍රකාශ කර ඇත.

ඒ අනුව LTTE  සංවිධානය තවදුරටත් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස සලකන බවත් ඊට එරෙහිව පැනවූ සීමා තවදුරටත් ක්‍රියාත්මක වන බවත් යුරෝපා සංගමය නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් දැක්වේ. 

ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කිරීමේදී සලකා බැලූ මූලික කරුණු සලකා නොබලමින් LTTE  සංවිධානය ත්‍රස්තවාදී ලැයිස්තුවෙන් ඉවත් කිරීමට අදාළ අධිකරණය තීරණය කර ඇතැයි ද යුරෝපා සංගමය එම නිවේදනයේ දක්වා ඇත. 

LTTE  සංවිධානය ත්‍රස්ත සංවිධාන ලැයිස්තුවෙන් ඉවත් කිරීමේ දී සලකා බලා ඇත්තේ 2011 සහ 2015 කාලසීමාව බවද  එහිදි 2015 සිට 2017 කාලසීමාවේදී LTTE  සංවිධානය සම්බන්ධයෙන් යුරෝපා සංගම් කවුන්සිලය ගත් තීන්දු කෙරෙහි අවධානය යොමු කර නොමැති බවද  අදාළ නිවේදනයේ  තවදුරටත් දැක්වේ. 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now