SKIP TO MAIN CONTENT

ත්‍රිකුණාමලයේ හිටපු LTTE දේශපාලන ප්‍රධානියාගේ බිරිඳට උතුරු පළාත් ඇමති ධුරයක්.

Ananthi’s appointment as NP minister
Source: www.dbsjeyaraj.com

1 min read

Published

By Madhura Seneviratne

Source: The Island



Skip to article content

ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ ප්‍රථම කාන්තා අමාත්‍යවරිය ලෙස අනන්ති සසිදරන් පත්වීම් ලැබ තිබේ.

ජිනීවා මානව හිමිකම් කවුන්සිලය පදනම් කරගනිමින් ශ්‍රී ලංකාවට එරෙහිව සිදු කළ ක්‍රියාත්මකවීම් නොසළකා ඇයට උතුරු පළාතේ විෂයයන් කිහිපයක වගකීම බාර දී ඇති බවට ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ (GSLF) නියෝජිත සුනිල් චන්ද්‍රකුමාර් පවසයි.

ජන වර්ග මත ශ්‍රී ලංකාව බෙදීමේ අනතුර පිළිබඳ විශ්‍රාමලත් රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා සිදු කළ අනතුරු ඇඟවීමෙන් පසුව චන්ද්‍ර කුමාර් මාධ්‍ය අමතා මෙසේ අදහස් දැක්වූ අතර උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා අතින් සසිදරන් හට තම පත්වීම ලැබුණු බවද පැවසුවේය.

එම අවස්ථාවට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා ද පැමිණ සිටි බව ඔහු පවසුවේය.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් මෙම පත්වීම උතුරු පළාත් ආණ්ඩුකාරවරයා බලාත්මක කළ අතර මෙම පත්වීම පිටුපස ඇති හේතුව තමන්ට තවමත් අවබෝධ කරගැනීමට නොහැකි බව ඔහු ප්‍රකාශ කර ඇත.

අනන්ති සසිදරන් ගේ සැමියා වේලායුදන් සසිදරන් වන අතර ඔහු ත්‍රිකුණාමලයේ හිටපු LTTE දේශපාලන ප්‍රධානියා වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now