Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

Taylor Swift ගේ ගීත උපුටමින් හිටපු අගමැති Morrison පාර්ලිමේන්තුවෙන් සමුගනී

සමුගැනීමේ කතාවේදී හිටපු අගමැති ‘ටේලර් ස්විෆ්ට් බිංගෝ’ ගැන කතා කරයි හිටපු ඕස්ට්‍රේලියානු අගමැති Scott Morrison පාර්ලිමේන්තුවේ තම අවසන් කතාවේදී, චීනය පිළිබද නැවත අනතුරු අගවීමට, සිය පවුලට ස්තුති කිරීමට මෙන්ම ඇමරිකානු ගායිකාවක වන Taylor Swift පිළිබදව අදහස් දැක්වීම සිදු කර ඇත.

Scott Morrison
Immigration Minister Scott Morrison (AAP)

Key Points

  • කැන්බරා හි නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට Scott Morrison පසුගිය අඟහරුවාදා (27) සිය උපහාර කථාව පැවැත්වීය.
  • ඔහු පවුලේ අයට සහ සගයන්ට ස්තූති කිරීමට, චීනය පිළිබඳ නැවත නැවත අනතුරු ඇඟවීමට සහ Taylor Swift වෙත අවදානය යොමු කිරීමට පවා සිය කතාව භාවිතා කළේය.
  • වසර 16කට වැඩි කාලයක් පාර්ලිමේන්තුවේ සිටි හිටපු අගමැතිවරයා ජනවාරි මාසයේදී දේශපාලනයෙන් සමුගන්නා බව නිවේදනය කළේය.

හිටපු අගමැති වරයා පාර්ලිමේන්තුවේ තම අවසන් කතාවේදී තම දියණියගේ ඉල්ලීමකට අනුව "I can assure you there is no bad blood,"ලෙස Taylor Swift ගේ ගීතයක කොටසක් ඉදිරිපත් කොට තිබේ.

"I've always been someone who has been able to ... shake it off."

"released from any bitterness"

ලෙස පැවසු ඔහු සිය වසර 16ක දේශපාලන දිවියට ඉදිරියේදී සමු දෙන බව සනිටුහන් කළේය.

 

Federal Treasurer Scott Morrison delivers an address to the Australian Financial Review Banking and Wealth Summit in Sydney, Thurday, April 6, 2017. (AAP Image/Dan Himbrechts) NO ARCHIVING
Source: AAP

"මම මෙතැනින් යන්නේ ජයග්‍රහණයක් හෝ පරාජයක් හෝ නොදන්නා නිවට ආත්මයක් ලෙස නොවේ, මම මගේ මුළු ජවයම මේ දේශපාලනයට යෙදව්වෙමි, ඒ බව සනාථ කිරීමට ඕනෑ තරම් සාක්ෂි මා සතුව ඇත." ලෙස ඔහු පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

"දේශපාලනය ජනතා සේවය සඳහා වැදගත් සහ අත්‍යවශ්‍ය ස්ථානයක් විය හැක, නමුත් එයට එරෙහිව මම අනතුරු අගවන්න කැමතියි. දේශපාලනයට වඩා හොඳ විකල්ප බොහොමයක් තිබේ."

Scott Morrison කාර්ය මණ්ඩලය, සගයන් සහ ඇන්තනි ඇල්බනීස් වෙත උපහාර දක්වය

Scott Morrison ඕස්ට්‍රේලියානු 30 වැනි අගමැතිවරයා වශයෙන් කටයුතු කිරීම සිදු විය. ඔහු හැඟීම්බර ව කියා සිටියේ තම අවසන් කතාව "bullet point list" එකක් කියවීමට අවස්ථාවක් නොවන බවයි.

එමෙන්ම ඔහු සිය කතාව හරහා තම පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට සහ පක්ෂ සගයන්ට මෙන්ම COVID-19 වසංගතය අතරතුර කළ සේවය සඳහා රාජ්‍ය සේවකයින්ට උපහාර දැක්වීම සිදු කළේය. මීට අමතරව 2022 මැතිවරණයේදී ටස්මේනියාවේ රිය අනතුරින් තුවාල ලැබූ ඔහුගේ ආරක්ෂක කණ්ඩායමට ද ඔහු උපහාර දැක්වීය. 

ඔවුන් කෙරෙහි වූ සිය අසීමිත කෘතඥතාවය ඔහු පුන පුනා ප්‍රකාශ කළේය. "අනතුර අවස්ථාවේ ඔවුන් වෙත පැමිණි සගයන්ගෙන් ඔවුන් මුලින්ම විමසුවේ 'සර් හොදින් ද?' කියලයි. ඔබ සැමට මගේ ස්තුතිය!" ඔහු කියා සිටියේය.

 

Prime Minister Scott Morrison and Leader of the Opposition Anthony Albanese at the prayer breakfast at Parliament.
Source: AAP

වත්මන් අගමැති Anthony Albanese හට ස්තුති කිරීමට ද මොරිසන් වග බලා ගත්තේය.

"බොහෝ විට මෙම ස්ථානයේ දී, අපි ප්‍රතිපත්තිමය වශයෙන් පවතින වෙනස්කම් සමග මිනිසුන්ගේ අවශ්‍යතා පිළිබද අපේ විනිශ්චයන් පටලවා ගත්තෙමු. එය අපගේ ප්‍රතිපත්තියට හොඳ නැත," ඔහු පැවසීය.

"අපි එකිනෙකා සමග එකඟ විය නොහැකි නමුත්, අප සියලු දෙනාගේ යහපත් චේතනාවන්ට ගරු කළ යුතුය." යනුවෙන්ද ඔහු පැවසීය.

හිටපු අගමැති චීනය පිළිබද අනතුරු ඇඟවීමක් කරය

මෙරට ආර්ථිකය "ප්‍රතිසංවිධානය" නොකරන ලෙසට අනතුරු ඇඟවීමක් කිරීමට හිටපු අගමැති මෙම අවස්ථාව භාවිතා කළ අතර, චීනය සහ උපායමාර්ගික තරඟකාරිත්වය පිළිබඳ අනතුරු ඇඟවීමක්ද කළේය.

"2022 මැතිවරණය බීජින් නුවරට ඔවුන්ගේ අසාර්ථකත්වයෙන් මිදීමට අවස්ථාවක් සලසා දී ඇත, නමුත් අප මුළා නොවිය යුතුය," ඔහු පැවසීය. 

"උපක්‍රම වෙනස් වන නමුත් ඔවුන්ගේ උපායමාර්ගය එලෙසම පවතී. මෙම තර්ජනයන කෙරෙහි අවදානයෙන් සිටීමේදී අපි තනි නොවේ." ඔහු තවදුරටත් පවසීය.

ටේලර් ස්විෆ්ට් වෙත ආචාරය

කතාව අවස්ථාවේ එහි පැමිණ සිටි ඔහුගේ දියණියන් වන Abbey සහ Lily ඉල්ලීම පරිදි ඔහුගේ කතාව අතරතුර Taylor Swift ගේ ඇල්බම වලින් කොටස් උපුටා ගැනීමටත් Morrison අමතක නොකළේය.

Scott Morrison
Source: Supplied

“මගේ දේශපාලන විරුද්ධවාදීන් මාව බොහෝ විට අදක්ෂයෙකු ලෙස හෝ කොපකාරී ලෙස දැකීමට සැලැස්වූ බව ඇත්ත,” ඔහු පැවසීය.

බොහෝ විට තම කීර්තිනාමයට එල්ල වන ප්‍රහාර වලට නිසි ප්‍රතිචාර දකවමින් නොබියව කතා කිරීම පිළිබඳවත් ඔහු Taylor Swift ගේ ගීත උපුටා දක්වමින් මෙහිදී පෙන්වා දුන්නේය.

Scott Morrisonට මීළඟට කුමක් වෙයිද?

දකුණු සිඩ්නි හි 'Cook' ආසනයේ අතුරු මැතිවරණයක් හරහා Morrison ෆෙඩරල් දේශපාලනයෙන් ඉවත්වීම සිදු වනු ඇත. නමුත් ඡන්දය සඳහා දිනයක් තවමත් නියම කර නොමැත.

මොරිසන් 2018 සිට 2022 දක්වා ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ අතර, ලිබරල් සන්ධානය තුළ ඇති වූ ආතතීන් වලින් පසුව හිටපු අගමැති Malcolm Turnbull වෙනුවට නායකත්වයට පත් විය.

ඔහු 2019 දී "ආශ්චර්යමත්" මැතිවරණ ජයග්‍රහණයක් කරා පක්ෂයට මඟ පෙන්වූ නමුත්, Black Summer bushfires පාලනය කිරීම සහ ඉන් ඕස්ට්‍රේලියානුවන් පීඩා විඳින අතරතුර නිවාඩුවක් ගත කිරීම සඳහා හවායි වෙත පියාසර කිරීමට ඔහු ගත් තීරණය සම්බන්ධයෙන් ඔහුව අප්‍රසාදයට ලක් විය.

මොරිසන් COVID-19 වසංගතය සහ lock down සමයේදී රැකියා සුරක්ෂිත කිරීමේ JobKeeper යෝජනා ක්‍රමය දියත් කරමින් රට මෙහෙයවීය,නමුත් COVID-19 එන්නත් නිකුත් කිරීමට ප්‍රතිචාර දැක්වීම සම්බන්ධයෙන් ඔහු විවේචනයට ලක් විය.

කොවිඩ් අර්බුදය අතරතුර අමාත්‍යාංශ පහකට ඔහු තමන්වම නිහඬවම පත් කර ගත් පසුව ද ඔහු පුළුල් ලෙස විවේචනයට ලක් වීම සිදු විය.

න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීන ඕස්ට්‍රේලියාවට ලබා ගැනීමේ AUKUS ආරක්ෂක ගිවිසුම ඇමරිකා එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය සමඟ නිර්මාණය කර දියත් කිරීම සඳහා Morrison මූලික විය.

PM Scott Morrison makes the AUKUS announcement.
Britains Prime Minister Boris Johnson, Australias Prime Minister Scott Morrison and US President Joe Biden at a joint press conference via AVL on Sep16, 2021. Source: AAP

වත්මන් ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Anthony Albanese ද අඟහරුවාදා පාර්ලිමේන්තුවේදී ඔහුගේ පූර්වගාමියාට උපහාර දැක්වීය.

"ඔහු නිසැකවම දේශපාලන පිටියේ කරන්නට කිසිවක් ඉතිරි කර නැත, ඔහුට ඒ ගැන ආඩම්බර විය හැකිය. ඔහු මෙම පාර්ලිමේන්තුවට සැබෑ ගෞරවයක්, ඕස්ට්‍රේලියානු කම්කරු පක්ෂය වෙනුවෙන් මට කියන්න පුළුවන් අගමැති මොරිසන් ඇත්තටම ප්‍රබල විරුද්ධවාදියෙක් කියලා" වශයෙන් Anthony Albanese පැවසීය.

Morrison දේශපාලනයෙන් ඉවත් වීමෙන් පසුව, ඇමරිකා එක්සත් ජනපදය පදනම් කරගත් උපදේශන සමාගමක් වන American Global Strategies සමඟ සම්බන්ධ වීමට මෙන්ම DYNE Maritime සමඟ උපදේශක භූමිකාවක් භාර ගැනීමට ද සූදානම් බව වාර්තා වේ.


4 min read

Published

By Kavindya Umayanganee Chandrasoma

Source: SBS



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now