බෙල්ජියමේ බ්‍රසල්ස් අග නුවර මධ්‍යම දුම්රිය ස්ථානයේ ඊයේ (20/06) දිනයේ ග්‍රිනීජ් මධ්‍යම වේලාවෙන් 1900 ට පිපිරීමක් සිදු වී ඇති බව වාර්තා වේ.
එම ස්ථානයේදීම පිපිරීම සිදු කළ පුද්ගලයා හට පොලීසිය විසින් වෙඩි තබා ඇති අතර පසුව ඔහු මිය ගොස් තිබේ.
අදාළ පුද්ගලයා පිපිරීම සිදු කිරීමට ප්‍රථමව “අල්ලාහු අක්බර්” (දෙවියන් ශ්‍රේෂ්ඨයි) යනුවෙන් කෑ මොර දී ඇති බවද සඳහන්.
මේ වන විට තත්ත්වය සමනය කර ඇති බව බෙල්ජියමේ ජාතික අර්බුද විසඳීමේ මධ්‍යස්ථානය පවසයි.
සිදුවීමත් සමග බ්‍රසල්ස් නුවර මධ්‍යම දුම්රිය ස්ථානයේ සිටි පිරිස් මෙන්ම එම ස්ථානයට ආසන්නව පිහිටි ලෝක සංචාරකයින්ගේ ජනප්‍රියතම ස්ථානයක් වන Grand Place හි සිටි පිරිස්ද වහා ඉවත් කළ බවද වාර්තා වේ.

