SKIP TO MAIN CONTENT

එළබෙන දීර්ඝ සති අන්තයේ මෙල්බර්න් නුවර පොලිස් ආරක්ෂාව තර කෙරේ.

Melbourne Security
Source: Herald Sun

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ත්‍රස්තවාදය මැඩලීම යටතේ මෙලබර්න් නගරයේ Ascot Vale ප්‍රදේශය අශ්‍රිතව අද (09/06) උදැසන පොලිස් සෝදිසි කිරීමේ  මෙහෙයුමක් ක්‍රියාත්මක වී තිබේ. වික්ටෝරියානු පොලිසිය සහ ත්‍රස්තවාදය මැඩලීමේ විශේෂ ඒකක  ඒකාබද්ධව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇති බව සදහන්.

පසුගියදා මෙල්බ්‍රන් නුවර Brighton ප්‍රදේශයේදී සිදු වූ ප්‍රහාරයට මෙම සෝදිසි මෙහෙයුම සම්බන්ධ බවත්, වරෙන්තු කීපයක් ලබාගැනීමෙන් අනතුරුව වික්ටෝරියානු පොලීසිය  ෆෙඩරල් පොලීසිය සමග එක්ව මෙම මෙහෙයුම ක්‍රියත්මක කල බවත් වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති ඩැනියෙල් Andrews පවසයි.

මේ අතර එළබෙන 12 වන සදුදා බ්‍රිතාන්‍ය මහ රැජිනගේ උපන්දින සැමරුම් හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත රැසක රජයේ නිවාඩු දින ලෙස නම් කර ඇති අතර, මෙම දීර්ග සති අන්තයේ මෙල්බර්න් නුවර ආරක්ෂාව සදහා අමතර පොලිස් බල ඇණි යොදවා ඇති බව වික්ටෝරියානු පොලිසිය පවසයි. පසුගියදා මෙල්බරන් නුවර Brighton ප්‍රදේශයේදී සිදු වූ ප්‍රහාරයෙන් අදාල ප්‍රහාරය ක්‍රියාත්මක කල පුද්ගලයා සහ තවත් අයෙක් ජිවිතක්ෂයට පත් විය.

අමතර තර්ජන පිලිබදව කිසිදු තොරතුරක් වාර්තා වී නැතත්, පුර්ව ආරක්ෂක පියවරක් ලෙස මෙලෙස අමතර ආරක්ෂාවක් සැපයීමට පොලීසිය  කටයුතු කර ඇති බව වික්ටෝරියානු ප්‍රාන්ත නියෝජ්‍ය  පොලිස් කොමසාරිස් Shane Patton මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now