SKIP TO MAIN CONTENT

ශී‍්‍ර ලංකා – දකුණු කොරියානු ජනපතිවරු අතර නිල හමුවට පෙර මිත‍්‍රශීලි හමුවක්.

Extraordinary gesture of friendship from President Moon
Source: SL President Media

1 min read

Published

Updated

By Madhura Seneviratne



Skip to article content

දකුණු කොරියාවේ රාජ්‍ය සංචාරයක නිරත ශ්‍රී ලංකා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ දකුණු කොරියානු ජනාධිපති මුන් ජෙයින් මහතා අතර නිල හමුව අද (29/11) දිනයේදී සිදුවීමට නියමිතව තිබුණ ද ශී‍්‍ර ලංකා ජනාධිපතිවරයා පිළිබද සිය පැහැදීම පළ කරමින් එතුමාව උණුසුම් ලෙස පිළිගැනීමට ඊයේ (28/11) දකුණු කොරියානු ජනාධිපතිවරයා කටයුතු කර තිබුණි.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සිය තෙදින දකුණු කොරියානු රාජ්‍ය සංචාරයේ පළමු කටයුත්ත සනිටුහන් කරමින් සෝල් නුවර පෞරාණික බෞද්ධ විහාරස්ථානයක් වන ජොග්යේසා විහාරස්ථානය වැඳ පුදා ගැනීමට ඊයේ පස්වරුවේ එක් වූ අතර, සියලූදෙනා පුදුමයට පත්කරමින් කොරියානු ජනාධිපතිවරයා එහි පැමිණ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා පැමිණෙන පෙර මග බලා සිටියේය.

එහිදී ජනාධිපතිතුමා ඉතා උණුසුම් ලෙස පිළිගත් කොරියානු ජනාධිපතිතුමා සිය නිල හමුව අද  දිනට යෙදී තිබුණු ද ශී‍්‍ර ලංකා ජනාධිපතිවරයා වෙනුවෙන් මිත‍්‍රශීලි පිළිගැනීමක් ලබාදීමට තමා මෙහි පැමිණි බව කියා සිටියේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now