SKIP TO MAIN CONTENT

අද නිව් සවුත් වේල්ස් සහ දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්ත වල උෂ්ණත්වය අංශක 40 පනී. හෙට වික්ටෝරියා ප්‍රාන්තය සහ කැන්බරාත් එයට එක්වෙයි

A bushfire in Yanchep, Western Australia, Thursday, 12 December, 2019
A bushfire in Yanchep, Western Australia, Thursday, 12 December, 2019. Source: AAP

1 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

උණුසුම් කාලගුණ තත්ව හේතුවෙන් නිව් සවුත්වේල්ස් සහ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ අද දින ලැව්ගිනි අවධානම තදුරටත් ඉහල යනු ඇතැයි කාලගුණ අංශ අනාවැකි පළකරයි.

නිව් සවුත් වේල්සයේ ප්‍රාන්තයේ අද දිනයේ අංශක 45 ක් දක්වා උෂ්ණත්වය ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර ඇත. මේවන විට ප්‍රාන්තය තුල 100 කට වැඩි ලැව්ගිනි ප්‍රමාණයක් අඛණ්ඩව දැවෙමින් පවතී.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අග්‍රාමාත්‍යවරිය ග්ලැඩිස් බෙරෙජික්ලියන් අනතුරු අඟවන්නේ අද සහ එළඹෙන සෙනසුරාදා යන දින දෙක මෙම සතිය තුලදී ඉහල ලැව්ගිනි අවධානමක් පවතින දින ලෙසට හඳුනාගෙන ඇති බවයි.

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ මේ වන විට ලැව්ගිනි 70 ක් පමණ දැවෙමින් පවතී.

ඒ අතරින් Peregian Springs, Weyba Downs and Noosa Heads යන ප්‍රදේශවල ඇතිව තිබෙන ලැව්ගිනි මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීමේ කණ්ඩායම් 30 කට වැඩි පිරිසක් සේවය කරති.

මේ අතර හෙට එනම් දෙසැම්බර් 20 වන සිකුරාදා වික්ටෝරියා , සහ දකුණු ඕස්ට්‍රේලියා යන ප්‍රාන්ත වලට සහ ඕස්ට්‍රේලියන් කැපිටල් ටෙරටරියට සෙල්සියස් අංශක 40 ත් 43 ත් අතර අධික උෂ්ණත්වයක් සහිත කාලගුණයක් පවතින බව ඕස්ට්‍රේලියානු කාලගුණ කාර්යාංශය නිවේදනය කොට සිටි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now