SKIP TO MAIN CONTENT

හදිසිය නීතිය අතරේ මහනුවර අලුත්ම තත්ත්වය මෙන්න SBS සිංහල වෙතින්

Kandy conflict situation
Source: SBS Sinhala

1 min read

Published

Updated

By Nadeeka Daya Bandara - Sri Lanka


Skip to article content

නොසන්සුන්තාව මත මහනුවර දිස්ත්‍රිකයේ සිදුවූ පහරදීම් හේතුවෙන් පුද්ගල මරණ දෙකක් හා තුවාල ලැබීම් අටක් මේ වන විට වාර්තාවී තිබේ.

පූජාපිටිය, වෙලේකඩේ ප්‍රදේශයේ ඊයේ (07/03) දින සිදුවූ බෝම්බ පිපිරීමක් හේතුවෙන් එක් අයෙකු මරණයට පත්ව ඇත.

තුවාල ලැබූවන් මහනුවර මහ රෝහලට ඇතුලත් කොට තිබේ.

කටුගස්තොට, පූජාපිටිය, සෙනරත්ගම, අඹතැන්න, උල්ලදුපිටිය, මැණික්හින්න ඇතුලු ප්‍රදේශ කිහිපයක පහර දීම්, දේපළ වලට හානි කිරීම් ආදිය සිදුව ඇත.

මහනුවර පරිපාලන පොලිස් කොට්ඨාශයට බලපාන පරිදි ඇදිරිනීතිය පනවා ඇති නමුත් ඇතමුන් කලහකාරී ලෙස හැසිරීම නිසා ඔවුන් පාලනය කිරීම යුද හමුදාව, පොලීසිය හා විශේෂ කාර්යය බලකාය විසින් සිදුකරන ලදි.

නාවුක හමුදා නිලධාරීන් ද ස්ථාන රැසක ආරක්ෂාව වෙනුවෙන් යොදා තිබුණි.

මැණික්හින්න ප්‍රදේශයේ කලහකාරීන් පාලනය කිරීම සදහා කළ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු ඉකුත්දා (06/03) රාත්‍රී තුවාල ලබා ඇති අතර ඔවුන් ප්‍රතිකාර සදහා මහනුවර මහ රෝහලට ඇතුලත් කොට තිබේ.

කලහකාරී ලෙස හැසිරිම නිසා ගොඩනැගිලි හතළිහකට ආසන්න ප්‍රමාණයකට හානි සිදුව ඇත.

මේ අතර පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ද සිද්ධිය වූ ස්ථාන කිහිපයක් නිරීක්ෂණය කිරීමට එක්විය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now