SKIP TO MAIN CONTENT

වික්ටෝරියානු, නිව් සවුත් වේල්ස් සහ ටස්මේනියා යන ප්‍රාන්ත වලට අයහපත් කාලගුණය නිසා දැඩි පීඩා.

A complex low pressure system is bringing extreme weather to parts of Victoria, New South Wales and Tasmania.
Source: Getty Images

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

කලාපයේ වායුගෝලීය පවතින අඩු පීඩන තත්ත්වය හේතුවෙන් වික්ටෝරියානු, නිව් සවුත් වේල්ස් සහ ටස්මේනියා යන ප්‍රාන්ත වලට අධික වැසි සහිත අයහපත් කාලගුණික තත්ත්වයක් උද්ගත වී තිබේ.

ටස්මේනියාවේ හෝබාට් නුවරට ඊයේ සිට අකුණු කුණාටු සහිත අධික වැසි පතිත වීම හේතුවෙන් හදිසි ගංවතුර තත්ත්වයක් ඇතිවූ අතර ඒ හේතුවෙන් මාර්ග වල තිබූ මෝටර් රථ පවා ජලයෙන් යටවූ බව වාර්තා වේ.

එක් දිනක් ඇතුළත හෝබාට් නුවරට මිලිමීටර් 100 කට අධික වර්ෂාපතනයක්  ලැබුණු බවත් එය වාර්තාගත අගයක් බවත් සඳහන්.

මෙම අධික වැසි හේතුවෙන් හෝබාට් නුවර මාර්ග ගංගාවන් බවට පත්වී ඇති බව එහි පදිංචිකරුවකු වන Monty Bovo , ABC පුවත් සේවයට පැවසීය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now