SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියාවේ ත්‍රස්ත ක්‍රියා වලට සම්බන්ධ අය එම සිර දඩුවම් කාලයෙන් පසුවත් සමාජයට තර්ජනයක් ඇත්නම් දිගටම බන්ධනාගාරගතව තැබීමට නව නීති..(SBS සිංහල/ වාර්තා)

s
Source: AAP

1 min read

Published

By Charitha Adikari

Source: SBS News


Skip to article content

ඔස්ට්‍රේලියාව තුල ඇති වත්මන් නීති අනුව නොහැකිව තිබු අපරාධ සදහා චෝදනා ලැබූ ත්‍රස්ත ක්‍රියා වලට සම්බන්ධ අය එම සිර දඩුවම් කාලයෙන් පසුවත් සමාජයට තර්ජනයක් ඇත්නම් දිගටම බන්ධනාගාරගතව තැබීමට නව නීති Morrison රජය විසින් ඉදිරිපත් කොට තිබේ. ඕස්ට්‍රේලියානු නීතිපති Christian Porter පවසා තිබෙන්නේද මෙම අපරාධ කරුවන් හිමි බන්ධනාගාර තුලටම බවයි.

මෙම නීති මුලින්ම වසර 2016 දී ඉදිරිපත් වූ අතර එහිදී මෙම පුද්ගලයන්ට ඇප ලබා දීම නැවත්වීම සදහාද පුර්වානිමිති ඉදිරපත් කොට තිබුණි. වසර 2017 දී මෙල්බන් නුවර Yacqub Khayre නැමැත්තා විසින් පිළිගැනීමේ නිලධාරිනියකට වෙඩි තබා පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුට තුවාල සිදු කිරීමේ සිදුවීමකින් පසුව ප්‍රාන්ත හා ෆෙදෙරල් රජයන් මෙම නීති සංශෝධන සදහා අවධානය යොමු කළා. මෙම Yacqub Khayre නැමැත්තා ත්‍රස්ත ක්‍රියා වලට සම්බන්ධව ඇප මත නිදහස් ව සිටියෙක් විය.

මේ නිසා ඇතිවන ප්‍රජාවේ ආරක්ෂාවට වන තර්ජනයෙන් මිදීමට, මෙම පුද්ගල නිදහස හා ආරක්ෂාව අතර සමබරතාවක් ඇති කිරීමට මෙම නව නීති වලට හැකිවනු ඇති බව නීතිපති Porter මහතා පවසයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now