SKIP TO MAIN CONTENT

වහාම ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර පළාතට ඇඳිරි නීතිය සහ ශ්‍රී ලංකාව පුරාම හදිසි නීතිය පැනවෙයි.

වහාම ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර පළාතට ඇඳිරි නීතිය සහ ශ්‍රී ලංකාව පුරාම ක්‍රියාත්මක වන පරිදි හදිසි නීතිය පනවා ඇත.

Sri Lanka unrest
Source: AAP

1 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya



Skip to article content

වහාම ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර පළාතට ඇඳිරි නීතිය සහ ශ්‍රී ලංකාව පුරාම ක්‍රියාත්මක වන පරිදි හදිසි නීතිය පැනවීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නියෝග කර තිබේ.

කලහකාරී ලෙස හැසිරෙන පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඔවුන් ගමන් ගන්නා ට්‍රක් රථ ඇතුළු රථවාහන අත්අඩංගුවට ගන්නා ලෙස ද අග්‍රාමාත්‍යවරයා ආරක්ෂක අංශ වෙත නියෝග කර තිබේ.

අද දිනයේදී මීට පැය දෙකකට පමණ කලින් කොළඹ Flower Road හි පිහිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලය අසලට රැස් වූ විරෝධතාකරුවන්ට පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.

ගාලු මුවදොර සිට විශාල පිරිසක් එම ස්ථානයට පැමිණ විරෝධතාවයක නිරත විය. ඔවුන් ඉල්ලා සිටියේ රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් වන ලෙසයි.

මේ වන විට තත්වය පාලනය කිරීමට හමුදාව යොදවා ඇත


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now