SKIP TO MAIN CONTENT

රනිල් ට එරෙහි විශ්වාසභංගය ගෙන ඒම පසුපස සිටින්නේ මෛත්‍රිපාල: බිමල් රත්නායක විවාදයේදී ප්‍රසිද්ද කරයි.

JVP Parliamentarian- Bimal Rathnayaka
JVP Parliamentarian- Bimal Rathnayaka

1 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාස භංගය සඳහා වන පාර්ලිමේන්තු විවාදය මේවන විට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පැවැත්වෙයි. එහිදී විවිද පක්ෂ නියෝජිතයින් පාර්ලිමේන්තුවේ දැක්වූ අදහස් අතර ජවිපෙ මන්ත්‍රී බිමල් රත්නායක සිදුකල කතාවේදී පැවසූ දෑ පිළිබඳව විශේෂ අවධානයක් යොමුවිණ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාව ගෙන ආවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා බව ඔහු එහිදී විවෘතවම ප්‍රකාශ කොට සිටියේය.

ජවිපෙ මන්ත්‍රී බිමල් රත්නායක එහිදී මෙසේ අදහස් දැක්විය.

“....කෝප් කමිටුවේදී අපිට දස වද දුන්නා. අගමැතිවරයා එජාප මන්ත්‍රී කණ්ඩායම මෙහෙයවමින් විශාල බලපෑමක් කළා. එක්සත් ජාතික පක්ෂයේ තරුණ මන්ත්‍රීවරුන්ට දුෂණයෙන් තොරව යන්න තිබූ ගමන නවතා දැමුවා. රාජපක්ෂ පවුලේ දුෂිතයන් ආරක්ෂා කිරීමට අගමැති කටයුතු කළා. දුෂිතයන්ව ආරක්ෂා කරන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කළා.

විශ්වාසභංග යෝජනාව ගෙන ආවේ මෛත්‍රිපාල සිරිසේන මහතායි. එහි පළමු අත්සන යෙදුවේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතායි. ජන්දයෙන් පස්සේ මෛත්‍රීට ඕන වුණේ ජන්දය පරාජය වීමේ වගකීම එක්සත් ජාතික පක්ෂයට දෙන්නයි. මුලින් රනිල් ඉවත් කරන්න හැදුවා. පසුව 113 හදා ගන්න හැදුවා ඒකත් බැරි වුණා. රනිල් වික්‍රමසිංහ හොරු ආරක්ෂා කළා නම් ඊටත් වඩා මෛත්‍රී හොරු ආරක්ෂා කළා.

මේ විශ්වාසභංග යෝජනාවේ ජුදාස්ලා තුන්දෙනයි. රනිල් වික්‍රමසිංහ, මෛත්‍රීපාල සිරිසේන හා මහින්ද රාජපක්ෂ...”

!!..නවතම පාර්ලිමේන්තු වාර්තා ඇසුරිණි...!!


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now