SKIP TO MAIN CONTENT

අල් ජසීරා රූපවාහිනියෙන් ක්‍රිකට් දූෂණ පිළිබඳ තවත් හෙළිදරව්වක්.

ICC insists it takes corruption seriously after a new documentary highlighted in Al Jazeera.
Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලදී සිදුවූ තරග පාවාදීම් පිළිබඳව සැකසුණු නවතම වාර්තාමය වැඩසටහනක් පසුගිය සති අන්තයේදී අල් ජසීරා රූපවාහිනියෙන් විකාශය විය.

මේ සමගම ක්‍රිකට් තරගවලදී තරග පාවාදීම් ඇතුළු සිදුවන දූෂණ පිළිබඳ බරපතල ලෙස අවධානය යොමු කොට ඒ පිළිබඳ විමර්ශනය කිරීමට කටයුතු කරන බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කර තිබේ.

වසර 2010 - 2012 කාලය තුළදී ලොව පුරා සිදුවූ ඇතැම් ක්‍රිකට් දූෂණ පිළිබඳ අල් ජසීරා රූපවාහිනියේ එම වාර්තාමය වැඩසටහනින් ඉදිරිපත් කර තිබුණි.

මේ අතර මේ සම්බන්ධව සිදුකෙරන විමර්ශන කටයුතු නොකඩවා සිදු කරමින් පවතින බවත් වැඩි විස්තර ලබා ගැනීම සඳහා අල් ජසීරා රූපවාහිනිය සම්බන්ධ කරගැනීමට උත්සාහ ගන්නා බවත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකයේ සාමාන්‍යධිකාරී Alex Marshall පැවසීය.

මුදලට තරග පාවාදීම් සම්බන්ධව ශ්‍රී ලංකාවටද මේ වන විට චෝදනා එල්ලවෙමින් පවතින අතර ICC දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණ ඒ සම්බන්ධව විමර්ශන කටයුතු සිදුකරමින් සිටින බවද වාර්තා වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now