SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියානු වැඩිහිටි සුරැකුම් ක්ෂේත්‍රයේ අක්‍රමිකතා මඩින්න නව අගමැතිගෙන් රාජකීය කොමිසමක්.

Royal commission to examine aged care
Royal commission to examine aged care Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ඔස්ට්‍රේලියාවේ වැඩිහිටි සුරැකුම් ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති පැමිණිලි සහ වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථාන අශ්‍රිතව වැඩිහිටියන්ට සිදුවන හිරිහැර පිළිබඳ සොයා බැලීමට ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් විසින් රාජකීය කොමිසමක් පත් කර තිබේ.

මීට වසරකට පමණ පෙර දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ වැඩිහිටි සුරැකුම් සේවා මධ්‍යස්ථානයක සිදුවූ හිංසාකාරී සිද්ධියක් ඔස්ට්‍රේලියාව තුළ මහත් ආන්දෝලනයක් ඇතිකරන්නට සමත්විය.

වැඩිහිටි සුරැකුම් සේවා මධ්‍යස්ථාන පවතවාගෙන යන ආයතන මේ ආකාරයෙන් වැඩිහිටි පුද්ගලයින්ගේ ජිවිත අනතුරේ දැමීම දෙස තව දුරටත් බලා සිටිය නොහැකි බවත් ඒ නිසා තමන් විගස මෙම රාජකීය කොමිසම පිහිටවූ බවත් අගමැති ස්කොට් මොරිසන් පවසයි.

මේ අතර ආබාධ සහිත වුවන් රැකබලාගැනීම සදහා ක්‍රියාත්මක වන සේවාවන් ආශ්‍රිතවද විවිධ අක්‍රමිකතා සිදුවන බවත් එම නිසා මෙම රාජකීය කොමිසමේ කාර්ය භාරය එම කේෂ්ත්‍රය පිළිබද සොයා බැලීම දක්වා පුළුල් කළ යුතු බවත් සමාජ ක්‍රියා කාරිකයින් පවසයි.

වැඩිහිටියන්ට සහ ආබාධ සහිත වුවන්ට සමාජය තුල සිදුවන අසාධාරණයන් සලකා බැලීමේදී මේ කේෂ්ත්‍ර දෙකම අදාල රාජකීය කොමිසමේ කාර්ය භාරයන්ට එක් කිරීම වැදගත් බව වැඩිහිටියන් සහ ආබාධ සහිත වුවන් ගේ කටයුතු පිළිබඳ ග්‍රීන්ස් පක්ෂයේ ප්‍රකාශක සෙනෙට් සභික  Jordon Steele-John පවසයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now