SKIP TO MAIN CONTENT

නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලිය : ඉන්දියාව අවසාන මහා තරගයට.

2018 Nidahas Trophy
Source: AP

2 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

නිදහස් කුසලාන තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ පස්වැනි තරගය ලෙසින් ඉන්දියාව සහ බංග්ලාදේශය අතර ඊයේ පැවැති තරගයෙන් ජයගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්වූහ. ලකුණු 17 කින් බංග්ලාදේශ කණ්ඩායම පරාජයට පත්කළ ඉන්දීය කණ්ඩායම මෙම ජයග්‍රහණයත් සමඟින් නිදහස් කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 176 ක් ලබාගත්තේය. නායක රෝහිත් ශර්මා පන්දු 61 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 89 ක් රැස්කිරීම ඉන්දීය ඉනිමේ විශේෂත්වය විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 177 ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශ කණ්ඩායමට නියමිත ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 159 ක් පමණි.

බංග්ලාදේශයේ මුෂ්ෆිකුර් රහීම්, පන්දු 55 කදී හයේ පහරක් සහ හතරේ පහර 8 ක් සමග නොදැවී ලකුණු 72 ක් රැස්කළද, ඔහුට සිය කණ්ඩායම පරාජයෙන් ගළවා ගැනීමට නොහැකි විය.

නිදහස් කුසලාන 20යි 20 තුන්කොන් තරඟාවලියේ මීළඟ තරඟය ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ කණ්ඩායම අතර හෙට පැවැත්වීමට නියමිතයි.

එය කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7 ට එනම් ඕස්ට්‍රේලියානු නැගෙන හිර සම්මත වේලාවෙන් මධ්‍යම රාත්‍රී 12 පසුවී විනාඩි 30 ට ආරම්භ වීමට නියමිතය.

මේ වන විට ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය එක් තරගය බැගින් ජයගෙන සිටීම නිසා හෙට තරගයෙන් ජයගන්නා කණ්ඩායම ඉන්දීය කණ්ඩායම සමග අවසාන මහා තරගයට සහභාගී වනු ඇත.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now