SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිසුන්ගේ ආරක්ෂාවට රජය හා විශ්ව විද්‍යාල එක්ව නව වැඩපිළිවෙලක් (SBS සිංහල / වාර්තා)

student
Source: AAP

2 min read

Published

Updated

By Charitha Adikari

Source: SBS News


Skip to article content

ඔස්ට්‍රේලියාව තුල ජාත්‍යන්තර සිසුන්ට ආරක්ෂාව සැපයීමට විශ්ව විද්‍යාල සමග එක්ව කටයුතු කිරීමට ඕස්ට්‍රේලියානු අධ්‍යාපන අමාත්යංශය තීරණය කරයි. මෙල්බන් නුවර මෑතකදී සිදුවූ අන්තර්ජාතික ශිෂ්‍යන් මුල් කර ගෙන සිදු වූ අපරාධ සිදුවීම් වලින් පසුව මෙම තීරණය ගෙන තිබේ. වාර්තා වී ඇති අන්දමට පසුගිය සති 3 තුල මොනෑෂ් විශ්ව විද්‍යාල සිසුන් මංකොල්ලකෑම් වලට ලක් වී ඇත. වික්ටෝරියා පොලීසිය ප්‍රකාශ කොට ඇත්තේ මෙසේ සොරකම් 13ක් වාර්තා වී ඇති බවයි.

මේ නිසා අධ්‍යාපන අමාත්‍ය Dan Tehan මෙම වැඩපිළිවෙල සදහා මුල පුරා තිබේ

ඔස්ට්‍රේලියාවට මෙම ජාත්‍යන්තර සිසුන් ඩොලර් බිලියන 34ක් ලබා දෙන නිසා සිසුන්ගේ සුභසිද්දිය පිලිබදව කටයුතු කල යුතු බවද, බොහෝ අන්තර්ජාතික සිසුන් ඔස්ට්‍රේලියාව ආරක්‍ෂිත රටක් ලෙස සිතා මෙහි පැමිණෙන බවත් අමාත්‍යවරයා පවසනවා. බොහෝ විට සංස්කෘතිය, භාෂා ගැටළු හා පරිසරය පිලිබදව දැනුවත් බව අඩු වීම නිසා සිසුන් මෙවන් සිදුවීම් වලට මුහුණ දිය හැකි නිසා ඔවුන්ව දැනුවත් කිරීම වැදගත් බවත් ඔහු පවසනවා

නමුත් පොලීසියේ අදහස මෙම ලගදී සිදු වූ සිදුවීම් අන්තර්ජාතික සිසුන් එල්ල කොට ගෙනම කල බවට පිළිනොගන්නා අතර විවධ ජාතීන් හා වයස් වල පුද්ගලයන් එල්ල කොට ගෙන එම අපරාධ සිදු කර ඇති බවට පැවසේ. වයස 20 සිට 50 දක්වා අය මේවාට මුහුණ දී තිබේ

පොලීසිය පවසන්නේ මෙම සිදුවීම් නිසා ඒවාට මුහුණ දෙන සිසුන්ගේ මානසික තත්වයට ගැටළු ඇති විය හැකි බවයි. ආරක්ශාරී නගරයක් වන මෙල්බන් හි සුළු පිරිසක් විසින් මෙම අපරාධ සිදු කරන බවයි

මේ පිළිබද අදහස් දක්වා ඇති මොනෑෂ් විශ්ව විද්‍යාලය පවසා ඇත්තේ විශ්ව විද්‍යාලය තුල පැය 24ම CCTV කැමරා සවි කර ඇති බවත් පැය 24ම ආරක්ෂක නිලධාරීන් ගැවසෙන බවත් ය. එසේම මෙසේ අපරාධ වලට මුහුණ දුන් සිසුන්ට උපදේශන සේවා ලබා දී ඇති බවද සදහන්. නීත්යානුකුලවද අන්තර්ජාතික සිසුන්ට ආරක්ෂාව අධ්‍යාපන ආයතන විසින් ලබා දිය යුතුයි

stud
Source: SBS

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now