SKIP TO MAIN CONTENT

එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලිය අතරතුරදී දුෂණ වංචා සෙවීමට ICC යෙන් ක්‍රියාත්මක නවතම වැඩපිළිවෙල මෙන්න

Cricket world cup trophy 2019
Cricket world cup trophy 2019

1 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

එංගලන්තයේදී මේ මස 30 වැනිදා ආරම්භ වන ICC එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන කණ්ඩායම් 10 ටම තම සංවිධානයේ දූෂණ මර්දන ඒකකයේ නිලධාරියකු බැගින් අනුයුක්ත කරන බව ICC ය හෙවත් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පවසයි.

තරගාවලියේ පුහුණු තරග හෙට සිට මේ මස 24 වැනිදා ආරම්භ වීමට නියමිතයි. ඒ අනුව පුහුණු තරඟ වල සිට තරගාවලියේ අවසානය දක්වාම ICC දූෂණ මර්දන ඒකකයේ නිලධාරියා කණ්ඩායම සමඟ රැදී සිටියි.

එම දූෂණ මර්දන නිලධාරියා කණ්ඩායම නවාතැන් ගන්නා හෝටලයේ නවාතැන් ගැනීමට නියමිත අතර කණ්ඩායම සමඟ තරගවලට සහ පුහුණු සැසිවලට ද සහභාගි වෙයි.

මෙවර ලෝක කුසලාන තරගාවලිය දූෂිත ක්‍රියාවලින් තොර තරගාවලියක් බවට පත්කිරීම සහ ක්‍රීඩකයන් සහ අයි.සී.සී. දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් අතර හොඳ සම්බන්ධතාවක් ගොඩනැගීම මෙහි අරමුණ බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පවසයි.

How to listen SBS Sinhala Radio
How to listen SBS Sinhala Radio Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now