ඕස්ට්‍රේලියාවේ පිලිකා සදහා ප්‍රතිකාර කිරීමට යොදාගන්නා ඖෂධ වර්ග හතරක් විශේෂ සහන මිලකට..

drug

Source: AAP

පිලිකා සදහා ප්‍රතිකාර කිරීමට යොදාගන්නා  ඖෂධ වර්ග හතරක් විශේෂ සහන මිලකට ලබාදීමට ඕස්ට්‍රේලියානු ෆෙඩරල් රජය තීරණය කර තිබේ.

 

Pharmaceutical Benefits Scheme හෙවත් සහන මිලට  ඖෂධ ලබාදෙන රජයේ වැඩසටහන යටතේ මෙම  ඖෂධ අගෝස්තු මස 1 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මේ ආකාරයෙන් සහන මිලට ලබාදීමට නියමිතයි.

 

බෙල්ල සහ හිස ආශ්‍රිත සමහරක් පිලිකා සදහා ප්‍රතිකාර කිරීමට යොදාගන්නා ඖෂධ සදහා වසරකට ඩොලර් $134,000 ක් වැනි ඉතා අධික මුදලක් වැය විය හැකි බව රජය සදහන් කරයි.

 

මෙම නව වැඩසටහන මගින් 5000ක් පමණ ඕස්ට්‍රේලියානුවන් පිරිසකට සහන සැලසෙන බව සෞඛ්‍යය ඇමති Greg Hunt පවසයි. තවද රජය මේ සදහා ඩොලර් මිලියන 250ක ප්‍රතිපාදන වෙන් කර ඇති බව ඔහු වැඩි දුරටත් සදහන් කළේය.


Share

Published

By Charitha Adikari
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
ඕස්ට්‍රේලියාවේ පිලිකා සදහා ප්‍රතිකාර කිරීමට යොදාගන්නා ඖෂධ වර්ග හතරක් විශේෂ සහන මිලකට.. | SBS Sinhala