SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියාවේ පිලිකා සදහා ප්‍රතිකාර කිරීමට යොදාගන්නා ඖෂධ වර්ග හතරක් විශේෂ සහන මිලකට..

drug
Source: AAP

1 min read

Published

By Charitha Adikari

Source: SBS


Skip to article content

පිලිකා සදහා ප්‍රතිකාර කිරීමට යොදාගන්නා  ඖෂධ වර්ග හතරක් විශේෂ සහන මිලකට ලබාදීමට ඕස්ට්‍රේලියානු ෆෙඩරල් රජය තීරණය කර තිබේ.

 

Pharmaceutical Benefits Scheme හෙවත් සහන මිලට  ඖෂධ ලබාදෙන රජයේ වැඩසටහන යටතේ මෙම  ඖෂධ අගෝස්තු මස 1 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මේ ආකාරයෙන් සහන මිලට ලබාදීමට නියමිතයි.

 

බෙල්ල සහ හිස ආශ්‍රිත සමහරක් පිලිකා සදහා ප්‍රතිකාර කිරීමට යොදාගන්නා ඖෂධ සදහා වසරකට ඩොලර් $134,000 ක් වැනි ඉතා අධික මුදලක් වැය විය හැකි බව රජය සදහන් කරයි.

 

මෙම නව වැඩසටහන මගින් 5000ක් පමණ ඕස්ට්‍රේලියානුවන් පිරිසකට සහන සැලසෙන බව සෞඛ්‍යය ඇමති Greg Hunt පවසයි. තවද රජය මේ සදහා ඩොලර් මිලියන 250ක ප්‍රතිපාදන වෙන් කර ඇති බව ඔහු වැඩි දුරටත් සදහන් කළේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now