SKIP TO MAIN CONTENT

ත්‍රස්තවාදී ක්‍රියා වලට එරෙහිව සටන් වැදීමට අවශ්‍ය ශක්තිය සහ දැනුම හුවමාරු කරගැනීමට විශේෂ ආසියාන් සමුළුවේදී එකඟ වෙයි.

Asean Special Summit 2018
Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ආසියා ශාන්තිකර කලාපයේ මතුව පවතින ත්‍රස්තවාදී ක්‍රියා වලට එරෙහිව සටන් වැදීමට අවශ්‍ය ශක්තිය සහ දැනුම හුවමාරු කරගැනීමට පසුගිය සති අන්තයේදී සිඩ්නි නුවර පැවති විශේෂ ආසියාන් සමුළුවේදී සියලු රාජ්‍ය නායකයින් එකඟ වූ බව වාර්තා වේ.

පසුගිය මාර්තු 17 සහ 18 දෙදින තුළ සිඩ්නි නුවර පැවති විශේෂ ආසියාන් සමුළුව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ඊට අමතරව වර්තමානයේ තවත් ප්‍රබල තර්ජනයක් වී ඇති සයිබර් ප්‍රහාර වළක්වා ගැනීම සහ කලාපයේ ප්‍රධාන අර්බුදයක්ව පවතින දකුණු චීන මුහුදේ ගැටලුව සම්බන්ධයෙන්ද මෙම සමුළුවේදී අවධානය යොමු විය.

මේ අතර ආසියාන් සංවිධානය සඳහා ආචාර ධර්ම පද්ධතියක අවශ්‍යතාව මතුව පවතින බව වියට්නාමයේ අග්‍රාමාත්‍ය ෆාම් බින්ග් මින්ග් SBS පුවත් සේවයට පැවසීය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now