මේ දක්වා පැවති නීතිමය පටිපාටිය තුළ පිටුවහල් කිරීමට තීරණය කෙරුණු ශ්‍රී ලාංකික දමිළ පවුලට ඔස්ට්‍රේලියාව තුළ සිටීමට අයිතියක් නොමැති බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පවසයි.

Tamil family facing deportation from Australia

Source: Supplied

ඔස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට තීරණය කර ඇති ශ්‍රී ලාංකික දමිළ පවුල ඔස්ට්‍රේලියාව තුළ රැදී සිටීමට ඉඩක් නොමැති බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පවසයි.

රැකවරණය පතා නීති විරෝධී සංක්‍රමණිකයින් ලෙස ඔස්ට්‍රේලියාවට පැමිණි මෙම දමිළ ජාතික පවුල ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීමට මීට පෙරාතුව බලධාරීන් තීරණය කළේය.

නමුත් ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ඔවුන් විසු බිලොයිලා ගම්මානයේ වැසියන් එක්ව ඊට විරෝධය පෑවෝය.

පිටුවහල් කිරීමට එරෙහිව ගොනුකළ පෙත්සම සලකා බැලීමට අධිකරණය තීරණය කිරීමත් සමග ඔවුන්ව තාවකාලිකව මෙල්බර්න් නුවර රඳවා තබා ගැනීමට තීන්දු විය.

කෙසේනමුත් එම නඩුව පසුගිය සතියේදී කැඳවූ අවස්ථාවේදී වැඩි දුර තොරතුරු විභාග කිරීම එළඹෙන බදාදා දිනයට කල් තැබීම නිසා ඔවුන්ව පිටුවහල් කිරීම මේ වන විට තාවකාලිකව නතර වී ඇත.

මේ වන විට ඔවුන් ක්‍රිස්මස් දූපතේ පිහිටි රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා තිබෙන බව සඳහන්.

මෙම දමිළ පවුල හට ශ්‍රී ලංකාව අනාරක්ෂිත බැවින් ඔවුන්ට ඔස්ට්‍රේලියාවේ ස්ථාපිත වීමට ඉඩ ලබාදෙන ලෙසට සරණාගතයන් පිළිබඳ ක්‍රියාකාරීන් පවසයි.

නමුත් මේ දක්වා පැවති නීතිමය පටිපාටිය තුළ එම දමිළ පවුල හට ඔස්ට්‍රේලියාව තුළ සිටීමට අයිතියක් නොමැති බව හෙළිවී ඇති බවත් සැවොම එම තීරණයට ගරු කළ යුතු බවත් සමාජ සේවා ඇමතිනී Anne Ruston, Sky  පුවත් සේවයට පැවසුවාය.


1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now