SKIP TO MAIN CONTENT

විනය කැඩූ නිසා අද ශ්‍රී ලංකා - ද.අප්‍රිකා ටෙස්ට් තරඟයට චන්දිමාල් සහ තවත් ප්‍රභලයින් 2 ක් නැහැ

SL vs SA 1st test match
SL vs SA 1st test match Source: SBS Sinhala

2 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: ICC Cricket, Crickinfo


Skip to article content

ශ්‍රී ලංකාව සහ සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම අතර තරඟ 2 කින් සමන්විත ටෙස්ට් තරඟාවලියේ පළමු තරඟය අද (ජුනි 12 ) ගාල්ල ක්‍රීඩාන්ගනයේදී ආරම්භවීමට නියමිතයි. කෙසේවෙතත් මෙම තරඟයට නායක දිනේෂ් චන්දිමාල්ගේ සහභාගිත්වය තවමත් අවිනිශ්තිත තත්වයේ පවතින බව වාර්තාවේ. එසේම ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ සහ කළමනාකරු අසංක ගුරුසිංහ ගේද සහභාගිත්වය අද තරඟයට අහිමි වනු ඇතැයි අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල ආරංචි මාර්ග සඳහන් කරයි.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවති තරඟයේදී පන්දුව පළුදු කිරීමේ චෝදනාවට ලක්වුණු චන්දිමාල් හට ICC ය විසින් එම වරද සඳහා එක් තරඟ තහනමක් පනවන ලදී. එහෙත් එම අවස්ථාවේදී කණ්ඩාම ක්‍රීඩා පිටියෙන් ඉවත්කර ගැනීම තුලින් ක්‍රීඩාවේ ජීව ගුණයට සිදුකල හානිය වෙනුවෙන් වෙනම පරීක්ෂණයක් පැවැත්විණ. ත්‍රිපුද්ගල කමිටුවකින් සැදී එම පරීක්ෂණ කණ්ඩායම ඊයේ දිනයේදී (ජුනි 12) තම පරීක්ෂණය අවසන්කොට ඇතැයි ICC වාර්තා පෙන්වාදෙයි. ඒ අනුව නායක චන්දිමාල්, පුහුණුකරු හතුරුසිංහ සහ කළමනාකරු ගුරුසිංහ යන තිදෙනා හට තරඟයේ ජීව ගුණය නැසීම යන චෝදනාවට තවත් තරඟ 2 ක තහනමක් පනවා තිබේ. මෙය නිල වශයෙන් අද දිනයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත දැනුම් දීමට නියමිතයි. එම නිසා අද ආරම්භවන ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා පළමු ටෙස්ට් තරඟයට මෙම තිදෙනාගේ සහභාගිත්වය අවිනිශ්චිතව තිබේ.

ඒ අනුව අද තරඟයේ නායකත්වය බොහෝදුරට සුරංග ලක්මාල් හට හිමිවීමට ඉඩ ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now