Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

කැළි කසළ නිසා මහවැළි ගඟ අනතුරේ. (වීඩියෝ සහිතයි)

Mahaweli River under threat of garbage crisis.

Source: SBS Sinhalese - Nadeka Daya Bandara

අක්‍රමවත් අයුරින් කැළි කසල බැහැර කිරීම හේතුවෙන් මහවැලි ගංගාවට විශාල පාරිසරික හානියක් සිදුවන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලය සදහන් කරයි.

මහවැලි ගංගාවට මෙන්ම එහි අතු ගංගාවන් ආශ්‍රිත රක්ෂිත කලාප වෙත අනිසි අයුරින් කැළි කසල බැහැර කරන බවත් වර්ෂා කාලයේදී එම අපද්‍රව්‍ය ගංගාව වෙත ගලායන බවත් ඒ පිළිබද අධ්‍යනයක නිරත භූගෝල විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ලලිතා දිසානායක මහත්මිය පවසයි.

මහවැලි ගංගාවේ අතු ගංගාවක් වන පිගාඔය ආශ්‍රිතව මෙම සිදුවීම පැහැදිලිව දැකිය හැකි බවත් එවැනි අතු ගංගා බොහෝ විට කුණු කාණු බවට පත්ව ඇති බවත් ඇය සදහන් කළාය.

මේ දිනවල ඇද හැලෙන අධික වැසි හේතුවෙන් කදුකරය ආශ්‍රිත ජලාශවල විශාල වශයෙන් ප්ලාස්ටික්, පොලිතීන්, විද්‍යුත් අපද්‍රව්‍ය ආදිය රැදි තිබෙනු දැකිය හැකි වේ.

මහවැලි ගංගාවේ මෙය බහුලව දැකිය හැකි අතර පොල්ගොල්ල ජල හැරවුමේ මධ්‍යම වශයෙන් ද කොත්මලේ, රන්දෙණිගල හා රන්ටැඹේ ප්‍රදේශවල සුලු වශයෙන් මෙම සිද්ධිය හැකිය හැකිවේ.

ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල කැළිකසල බැහැර කිරීම විධිමත් නොවන නමුත් ඔස්ට්‍රියාව, ජර්මනිය, නෝර්වේ, ඔස්ට්‍රේලියාව වැනි දියුණු රටවල මෙවැනි ගැටලුවක් නොමැති බවද ඇය පෙන්වා දුන්නාය.


1 min read

Published

By Nadeeka Daya Bandara - Sri Lanka



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now