SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියානු රජයේ සමාගම් බදු පනතට යලිත් බාලගිරි දෝෂය : පෝලින් හැන්සන් ගෙන් අළුත් ගැටයක්

Minister for Finance Mathias Cormann and One Nation leader Senator Pauline Hanson before the Income Tax vote in the Senate
Minister for Finance Mathias Cormann and One Nation leader Senator Pauline Hanson before the Income Tax vote in the Senate Source: AAP

1 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

රජය විසින් ගෙන ආ මහා පරිමාණ සමාගම් සඳහා වන බදු කප්පාදු පනත මෙම ශීත ඍතු පාර්ලිමේන්තු නිවාඩු කාලය උදාවීමට ප්‍රථම සෙනෙට් අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නොහැකිවනු ඇතැයි වාර්තාවේ. මෙම ජෝජනාව මෙම සතියේදී සෙනෙට් චන්ද විමසීමට ඉදිරිපත් කරන බව මිට කලින් අගමැති මැල්කම් ටර්න්බුල් විසින් ප්‍රකාශ කොට තිබිණි.

එහෙත් මෙය සම්මත කරගැනීමට අවශ්‍ය බහුතර බලය සාදාගැනීමේ ගැටලුවට රජය මුහුනදී සිටින අතර, කම්කරු සහ ග්‍රීන්ස් පක්ෂ මේ සඳහා දැනටමත් විරෝධය පලකොට තිබේ.

ස්වාධීන සෙනෙට් සභිකයින් 10 දෙනා අතරින් 4 දෙනෙකුගේ සහයෝගය පමණක් මේවනවිට මෙම සමාගම් බදු කප්පාදු පනත වෙත ලැබී ඇති අතර පෝලින් හැන්සන් නායකත්වය දරන One Nations පක්ෂය, මේ සඳහා සහයෝගය ලබාදීමට නම් කොන්දේසි 2 කට රජය එකඟ වියයුතු බව දන්වා තිබේ. එනම් දැනට මෙරට බදු පැහැරහරින මහා පරිමාන සමාගම් නීතියේ රැහැනට හසුකර ගැනීම සහ දැනට වෙනත් රටවල ශාඛා පවත්වාගෙන යන මෙරට මහාපරිමාණ දුරකථන සේවා සපයන සමාගම් සඳහා බදුසහන ඉවත් කිරීම එම කොන්දේසි දෙක ලෙස සඳහන්.

රජය විසින් යෝජිත මෙම සමාගම් බදු කප්පාදුවෙන් ඉතිරිවන මුදල්, එම සමාගම් තුල වැඩිපුර රැකියා උත්පාදනයට යෙදවෙනු ඇතිබව රජය පැවසුවද, ඒ සඳහා එම කිසිඳු සමාගමක් ලිඛිත එකඟතාවකට පැමිණ නැතැයි කම්කරු පක්ෂ නියෝජය නායිකා ටාන්යා ප්ලිබසෙක් පවසයි.

ඕස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක වන මහාපරිමාණ සමාගම් සඳහා මෙතෙක් ක්‍රියාත්මක වාර්ෂික 30% ක බදු ප්‍රතිශතය 25% දක්වා අවම කිරීමට රජය විසින් මෙම වසරේ අයවැය මඟින් යෝජනා කරන ලදී.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now