SKIP TO MAIN CONTENT

ICC දූෂණ මර්දන ඒකකයෙන් ජයසූරියට චෝදනා.

Sanath Jayasuriya charged under ICC anti-corruption code
Source: Getty Images

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ICC දූෂණ මර්දන ඒකකයේ නීති උල්ලංඝනය කළා යැයි පවසමින් ශ්‍රී ලංකාවෙන් මෙතෙක් බිහිවූ සුපිරිතම ප්‍රහාරාත්මක පිතිකරුවා සහ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයකු මෙන්ම තේරීම් කමිටු සභාපතිවරයකුද වන සනත් ජයසූරිය මහතාට ICC දූෂණ මර්දන ඒකකය චෝදනා ගොනු කර තිබේ.

ICC දූෂණ මර්දන ඒකකයේ නීති සංග්‍රහයේ වගන්ති ද්විත්වයක් උල්ලංඝනය කළා යැයි පවසමින් මෙසේ ඔහුට එරෙහිව චෝදනා ගොනු කර ඇත.

සාධාරණ හේතුවකින් තොරව ICC දූෂණ මර්දන ඒකකය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට අපොහොසත් වීම හෝ ප්‍රතික්ෂේප කිරීම සහ  ICC දූෂණ මර්දන ඒකකය විසින් කරනු ලබන පරීක්‍ෂණ සඳහා බාධා කිරීම හෝ ප්‍රමාද කිරීම එම වගන්ති ද්විත්වය ලෙස දැක්වෙයි.

කෙසේවෙතත්, මේ සඳහා තම අදහස් ප්‍රකාශ කිරීමට සනත් ජයසූරිය මහතාට සති දෙකක කාලයක් ලබා දී ඇති අතර එම කාලය එළඹෙන ඔක්තෝබර් 29 වන දිනෙන් අවසන් වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now