ඕස්ට්‍රේලියාවේ නිවාස වෙළඳපොලේ කඩා වැටීම : හේතු සහ අනාගතය කෙසේ වේවිද? (SBS සිංහල/වාර්තා)

loans

Source: ABC Australia

දැන් වසර 1.5ක පමණ සිට ඔස්ට්‍රේලියාවේ නිවාස මිල පහත වැටීම සිදු වෙනවා. සිඩ්නි සහ මෙල්බන් හි මෙම තත්වය දක්නට ලැබෙනවා. දැන් මෙම තත්වය පිලිබදව  ඔස්ට්‍රේලියානු මහා බැංකුවද අවධානය යොමු කර ඇති බවයි වාර්තා වෙන්නේ .

තවමත් මෙම පහත වැටීම  පුළුල් ආර්ථිකයට බලපෑමක් කර නැහැ . නමුත් මෙය පොලී අනුපාතික අඩු කිරීමෙන් නැවතිය හැකිද යන ගැටළුවක් මතු වේ. මෙම තත්වයට හේතුව වැඩිපුර නිවාස ඉදිවීම් හා නිවාස නය අඩු වීමයි

ණය ලබා දීමේ අඩුවීම

බැංකු නැවතත් පහසුවෙන් නිවාස ණය ලබා දීම සිදු නොකරන්නේ ජනතාව අතර මුදල් ගැවසීම අඩු වී ඇති නිසා බවයි වාර්තා වන්නේ. බැංකු දැන් ණය ලාබීන්ගේ ගෙවීමේ හැකියාව දැඩිව පරීක්ෂා කරන අතර එමගින් නිවාස වෙළද පොලට දැඩි ගැටළු මතු වී තිබේ

ඕස්ට්‍රේලියානු මහා බැංකුව පසුගිය සතියේ පවසා ඇත්තේ දැන් බොහෝ නිවෙස් හිමියන් negative equity හෙවත්, නිවසේ වටිනාකමට වඩා වැඩි නිවෙස් ණය ගෙවන තත්වයට පත්ව ඇති බවයි

ඒ අනුව ඔබේ රැකියාව අහිමි වුව හොත් ඔබේ ණය ගෙවා දැමීමේ නොහැකියාව නිසා තවදුරටත් බැංකු වලින් නය දීමේ ක්‍රම දැඩි කිරීම සිදු වේ

negative equity තත්වය මේ වන විටත් ක්වීන්ස්ලන්තයේ හා බටහිර ඕස්ට්‍රේලියාවේ ඇත.

පහත දැක්වෙන්නේ ප්‍රාන්ත අනුව negative equity තත්වයයි

negative
Source: ABC Australia

අමතර නිවාස සැපයුම

සිඩ්නි නුවර ඉදිවන ඉතා වැඩි මහල් නිවාස නිසා ඇතිවන බලපෑම් අධ්‍යනයට මහා බැංකුව විසින් වෙනම අංශයක් පත් කර ඇති බව වාර්තා වේ

මෙම හේතුව නිසා නිවාස වෙළද පොලේ මිල පහත යාම තවත් වැඩි වී තිබේ. මේ නිසා එම මහල් ඉදිවීමට පෙර off the plan ක්‍රමය යටතේ වැඩි මිලට මිලදී ගත් පුද්ගලයනට ගෙවීමේ ගැටළු ඇති විය හැකියි . මේ නිසා නිවෙස් කුලී මිලද අඩුව ඇති නිසා මෙය බැංකු වලටත් රජයේ ආදායම් අඩු වීමටත් බලපා තිබේ.

මේ නිසාම මාර්තු මාසයේ නව නිවාස ඉදිවීම 16%කින් අඩු වී තිබේ 

nsw
Source: ABC Australia

වාර්තා වන අන්දමට වැඩි වන සංක්‍රමණයන් හමුවේ NSW හා වික්ටෝරියාහි ජනගහනය වැඩි වන අතර ඉදිරියේදී රැකියා අඩු වීමක් ඇති වුව හොත් නැවත නය ගෙවීම් අඩු වීමක් අපේක්ෂා කල හැකියි . මේ නිසා රජයන්ට සිදු වන බලපෑම පහත දැක්වෙන NSW රජයේ  stamp duty ආදායම් අඩු වීමෙන් හඳුනා ගත හැකියි

nsw
Source: ABC Australia

source ABC


2 min read

Published

Updated

By Charitha Adikari



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now