SKIP TO MAIN CONTENT

70 වන නිදහස් සැමරුමට ලංකාවට ආපු එඩ්වඩ් කුමාරයා මාළිගාව බලන්න ගිය හැටි. (වීඩියෝ)

Prince Edward and Countess of Wessex Visited in Kandy Sri Dalada Maligawa
Source: SBS Sinhala

1 min read

Published

By Nadeeka Daya Bandara - Sri Lanka


Skip to article content

ශ්‍රී ලංකාවේ 70 වන නිදහස් සැමරුමට සහභාගී වීම සඳහා පසුගිය බදාදා (31/01) ශ්‍රී ලංකාවට පැමිණි බ්‍රිතාන්‍යයේ එඩ්වඩ් කුමරු සහ ඔහුගේ ආර්යාව වූ සොපී රීස් ජෝන්ස් මැතිනිය ඊයේ (01/02) ශ්‍රී දළදා මාළිගාවේ සංචාරයක නිරත විය.

මහනුවරට පැමිණි ඔවුන්ව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරිය වන නිලුකා ඒකනායක මහත්මිය විසින් පිළිගත් පසුව ඔවුන් ශ්‍රී දළදා මාළිගාව වෙත ගියේය.

එහිදී ශ්‍රී දළදා මාළිගාවේ දිය වඩන නිලමේ නිලංග දෑලේ බණ්ඩාර මහතා විසින් ආරධිතයින්ව පිළිගෙන ශ්‍රී දළදා මාළිගාවේ සංචාරයක කැටුව ගියේය.

Prince Edward and Countess of Wessex Visited in Kandy Sri Dalada Maligawa
Source: SBS Sinhala

ඉන් අනතුරුව ඔවුන් පේරාදෙණියේ රාජකීය උද්භිද උද්‍යානයේද සංචාරයක නිරත විය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now