SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකාවට ICC දූෂණ මර්දන කාර්යාලයක්.

ICC to establish a permanent office in Sri Lanka
Source: ICC

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ සිදුවූ දූෂණ සහ අක්‍රමිකතා සෙවීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පූර්ණ කාලීන දූෂණ මර්දන කාර්යාලයක් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට තීරණය කර ඇති බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

ඊයේ (31/12) දිනයේදී ක්‍රීඩා අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව පැවසීය.

පසුගිය 27 වනදා අයි.සී.සී දූෂණ මර්දන ඒකකයේ සාමාන්‍යාධිකාරී ඇලෙක්ස් මාර්ෂල් මහතා සහ තමන් අතර පැවති සකච්ඡාවකදී මාර්ෂල් මහතා මේ බව සඳහන් කළ බව හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා පැවසීය.

මේ අතර ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ප්‍රශ්න වලට සවන් දෙන Ombudsman වරයෙක් ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ නව වසරේ සිට පත් කරන බවද ඔහු එහිදී වැඩි දුරටත් පැවසීය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now