SKIP TO MAIN CONTENT

ඇමෙරිකාවේ විරෝධය මැද රුසියානු සහ ඇමෙරිකානු ජනාධිපතිවරු අතර හමුවක්.

Russian President Vladimir Putin and United States President Donald Trump have agreed to hold a summit
Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

රුසියානු ජනාධිපති Vladimir Putin සහ ඇමෙරිකානු ජනාධිපති Donald Trump අතර හමුවක් පැවැත්වීමට දෙරටේ රාජ්‍ය නායකයින් කැමැත්ත පළ කර තිබේ.

රුසියාව කෙරෙහි ඇමෙරිකානු ජනාධිපති Donald Trump මෙම තීරණය පිළිබඳ බොහෝ ඇමෙරිකානු පිරිස් මවිතයට පත්වී ඇති බවද වාර්තා වේ.

පසුගිය සමයේදී ඇතිවූ සිරියානු අර්බුදය හා බ්‍රිතාන්‍යයේදී හිටපු රුසියානු ඔත්තුකරුවෙකුට වස දී මරා දැමීම මෙන්ම ඇමෙරිකානු ජනාධිපතිවරනයට රුසියාව අනිසි ලෙස සහය දැක්වීම යන කරුණු මත ඇමෙරිකාව හා රුසියාව අතර ඇති සම්බන්ධය දෙදරා යන්නට විය.

කෙස්වෙතත්, මෙම හමුව පැවැත්වෙන ස්ථානය හා දිනය තවමත් ප්‍රකාශයට පත් කර නොමැති නමුත් ලබන මාසයේදී ක්‍රියාත්මක වීමට නියමිත Donald Trump  ගේ එක්සත් රාජධානි සංචාරයෙන් සහ NATO සමුළුවෙන් පසුව මෙය යොදාගනු ඇති බවට මත පළවේ.

ඇමෙරිකානු ජාතික ආරක්ෂක උපදේශක John Bolton මේ සම්බන්ධ නිල ප්‍රකාශය මාධ්‍ය වෙත නිකුත් කළේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now