SKIP TO MAIN CONTENT

වසර 3 කට පසුව පරණ වාර්තාවක් අලුත් කරමින් ශ්‍රී ලංකාව, බංග්ලාදේශ තරගාවලි 3ම ජයගනී.

Sri Lanka swept the series against Bangladesh.
Source: AP

2 min read

Published

Updated

By Madhura Seneviratne


Skip to article content

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ඊයේ (18/02) පැවති දෙවැනි හා අවසාන 20-20 තරගයෙන් ලකුණු 75 ක විශිෂ්ඨ ජයක් අත්කරගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

ඒ අනුව බංග්ලාදේශයේ පැවැති තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය, ටෙස්ට් තරගාවලිය සහ 20-20 තරගාවලිය යන තරගාවලි ත්‍රිත්වයම ශ්‍රී ලංකාව ජයගත් අතර ශ්‍රී ලංකාව සමස්ත තරගවලියක්ම කලකට පසුව ජයගැනීම සුවිශේෂී කරුණක් ලෙස දැක්විය හැකිය.

කාසියේ වාසිය දිනු බංග්ලාදේශ කණ්ඩායම ශ්‍රී ලංකාවට ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට ආරාධනා කළ අතර ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු යුගල වූ කුසල් මෙන්ඩිස් හා ධනුෂ්ක ගුණතිලක වේගවත් හා ස්ථාවර ආරම්භයක් ශ්‍රී ලංකාවට ලබා දුන්නේය.

ශ්‍රී ලංකාව පළමු කඩුල්ලට ලකුණු 98ක් එක් ක‍‍ළේ පන්දු 66ක් පමණක් වැය කරමිනි.

කුසල් මෙන්ඩිස් ලකුණු 70 ක්ද ධනුෂ්ක ගුණතිලක ලකුණු 42 ක්ද තිසර පෙරේරා ලකුණු 31 ක්ද උපුල් තරංග ලකුණු 25 ක්ද දසුන් ශානක නොදැවී ලකුණු 30 ක්ද රැස්කරමින් ශ්‍රී ලංකාව කඩුලු 4 කට ලකුණු 210 සීමාව දක්වා ගෙන ගියෝය.

කෙසේනමුත් පිළිතුරු ලෙස සත්කාරක බංග්ලාදේශයට ඕවර 18.4කදී සියල්ලන් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 135 ක් පමණි.

ශ්‍රී ලංකාව ඊයේ විස්සයි20 තරගයකදී ලකුණු 200 සීමාව පසුකළේ 2015 වසරේ නොවැම්බර් මාසයෙන් පසුව වීම විශේෂත්වයකි. ඊයේ තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම එක් වෙනසක් සිදු කරමින් නිරෝෂන් දික්වැල්ල වෙනුවට අමිල අපෝන්සුට ජාත්‍යන්තර විස්සයි20 තරග වරම් හිමිකර දුන්නේය.

අවසන් තරගයේ මෙන්ම තරගාවලියේ වීරයා සම්මානයද කුසල් මෙන්ඩිස්ට හිමිවිය.

Kusal Mendis scooped the Player of the Match and the Player of the Series awards, Bangladesh v Sri Lanka, 2nd T20I,
Kusal Mendis scooped the Player of the Match and the Player of the Series awards, Bangladesh v Sri Lanka, 2nd T20I, Source: AP

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now