සංක්‍රමණිකයන්ට ඕස්ට්‍රේලියානු ශ්‍රම බලකාය තුල ඇති අවස්ථාවන් මොනවද?

ඕස්ට්‍රේලියානු ශ්‍රම බලකායට එක්වීමට බලාපොරොත්තුවෙන් සිටින විදෙස් ජාතිකයන්ට 457 වීසා කාණ්ඩය යටතේ අවස්ථාව උදා වන අතර, ඕස්ට්‍රේලියානු රජය එම වීසා කාණ්ඩය සදහා සිදු කරන සංශෝධන මෙරට ශ්‍රම බලකායට ඍජු බලපෑමක් සිදුකරන බව සදහන්. හෝටල් සහ ආපන ශාලා, සංචාරක,වැඩිහිටි සුරැකුම්, සෞඛ්‍යය, තොරතුරු තාක්ෂණ සහ ඉදිකිරීම් යන කේෂ්ත්‍ර තුල ඕස්ට්‍රේලියාව තුල වැඩි රැකියා අවස්ථා බිහිවනු ඇති බව විවිධ වාර්තා පෙන්වා දී තිබේ.

457 visa jobs
Source: AAP


ඩිජිටල් ආර්ථිකයත් සමගින් අලුතින් බිහිවී ඇති රැකියා සහ, ශ්‍රම බලකාය තුල වැඩි ඉල්ලුමක් ඇති රැකියා අනුව 457 වීසා කාණ්ඩය යටතේ මෙරට රැකියා අවස්ථා හිමිවන විදෙස් ශ්‍රමිකයන්ගේ සංයුතිය වෙනස් වන බව මෙහිදී සදහන් කල යුතුයි. හෙද වෘත්තිය පිළිබද සුදුසුකම් ඇති අය සදහා මේ වනවිට ඕස්ට්‍රේලියානු ශ්‍රම බලකාය ඉල්ලුමක් ඇති අතර, අනාගතයේදී එය තවත් වැඩි වනු ඇති බව සංඛ්‍යා ලේඛන පෙන්වාදී තිබේ. 2014 වසරේ නිකුත් වූ සංඛ්‍යාලේඛන වලට අනුව ඕස්ට්‍රේලියාවේ හෙද වෘත්තියේ නිරත අයගෙන් සියයට 40ක් අවුරුදු 50ට වැඩි අය වන අතර ඔවුන් නුදුරු අනාගතයේදී විශ්‍රාම ගන්නා  බැවින් එම අඩුව පිරවීමට ශ්‍රමිකයින් අවශ්‍ය වනු ඇති බව සදහන්.
 
වැඩිහිටි සුරැකුම් කේෂ්ත්‍රයේ නිරත සේවකයින්ටද ඕස්ට්‍රේලියාව තුල ඉහල ඉල්ලුමක් ඇති බව වාර්තා පෙන්වා දී තිබේ. මීට  අමතරව ඕස්ට්‍රේලියාවට  පැමිණෙන විදෙස් ශ්‍රමිකයින් අතරින්, විදුලි කාර්මික ශිල්පින් ලෙස සුදුසුකම් ඇති පුද්ගලයින්ට සහ ද්වීතික පාසැල් ගුරුවරුන් ලෙස කටයුතු කිරීමට හැකි අයටද ශ්‍රම බලකාය තුල හොඳ ඉල්ලුමක් ඇති බව සදහන්.

තවද මෙරට සංචාරක කේෂ්ත්‍රයේ මේ වනවිට වර්ධනයක් පෙන්නුම් කරන බවත්, එම නිසා සංචාරක කර්මාන්තය තුලද සංක්‍රමණිකයින්ට රැකියා අවස්ථා ඇති බව එම කේෂ්ත්‍රයේ ප්‍රවීනයින් පවසයි. උදාහරනයක් ලෙස 457 වීසා  කාණ්ඩය යටතේ පසුගිය වකවානුව තුල මෙරටට පැමිණි ශ්‍රමිකයන්ගෙන් සැලකියයුතු ප්‍රතිශතයක් කෝකියන් බව, වික්ටෝරියානු සහ ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත වල ක්‍රියාත්මක , Education & Migration Services Australia ආයතනයේ අධ්‍යක්ෂ Shanon Semenikov පසුගියදා SBS ගුවන් විදුලියේ විශේෂාංගයකට අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබිනි. ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර වලින් දුරස්ථව  පිහිටි නගරවල මෙම රැකියා අවස්ථා වැඩි බව ඔහු වැඩි දුරටත් පෙන්වාදෙන කාරණයක්.  තවද ඔස්ට්‍රේලියාව තුල ආපන ශාලා සහ හෝටල් කේෂ්ත්‍රය සදහා සේවා යෝජකයින් තාවකාලික පදනම මත, Holiday  working Visa  යටතේ විශාල පිරිසක සේවයට බදවාගන්නා  ප්‍රවනතාවයක් ඇති බවද ඔහු පවසයි. නමුත් එලෙස සේවයට බදවාගන්නා  ශ්‍රමිකයන්ගේ ගැටලු  ඇති නිසා, තත්වයෙන් උසස්, අඛණ්ඩ ශ්‍රම බලකායක සේවය ලබාගැනීමට සුපිරි හෝටල් වැඩි කැමැත්තක් දක්වන බව Semenikov මහතා මෙම සාකච්ඡාවේදී  පෙන්වාදුන් කාරණයක්. මෙවැනි තත්වයන් සලකා  බැලීමේදී තත්වයෙන් උසස් සුදුසුකම් ඇති සේවක පිරිසක් රදවා තබා ගැනීමට 457 විසා කාණ්ඩය  සේවා යෝජකයින්ට උපකාරීවන බව ඔහු වැඩි දුරටත් පවසයි.

457 වීසා කාණ්ඩය යටතේ හෝටල් සහ ආපනශාලා කේෂ්ත්‍රයේ රැකියා සදහා පැමිණෙන සමහරක් සංක්‍රමණිකයින් ශ්‍රම සුරාකෑමට ලක්වන බව, මොනෑෂ් විශ්වවිද්‍යාලයේ කුසලතා සංක්‍රමණ කටයුතු පිළිබද විශේෂඥයෙක් වන ආචාර්ය චන්ද්‍රා ෂා පවසයි. මෙවැනි විස කන්ඩ  යටතේ මෙරට රැකියා සදහා පැමිණි සැලකිය යුතු පිරිසක් පුද්ගලික හේතුන් මත තමන්ගේ වෘත්තීය සුදුසුකමට අදාල නොවන රැකියාවල නිරත වන අවස්ථා රැසක් වාර්තා වන බව ඔහු මෙහිදී පෙන්වා දෙන කාරණයක්. එමෙන්ම 457 වීසා  කාණ්ඩය යටතේ මෙරටට පැමිණෙන ශ්‍රමිකයින්ගෙන් සියයට 50කට වඩා  වැඩි පිරිසක් මෙරටට පැමිණෙන්නේ මෙරට ස්ථිර පදිංචිය ලබාගැනීමේ අදහසින් බව සදහන්. සමහරක් ක්ෂේත්‍රවල ශ්‍රමිකයින් සුරාකෑමට ලක් වූවත්, වැඩිහිටි සුරැකුම් සහ සෞඛ්‍යය වැනි කේෂ්ත්‍ර වල රැකියාවල නිරත විදෙස් ශ්‍රමිකයන්ට රැකියාවල වැඩි සුරක්ෂිත බවක් සමගින්, යහපත් රැකියා අවස්ථාවන් හිමිවන බව ආචාර්ය ෂා පවසයි. නමුත් ඉදිකිරීම්, හෝටල් සහ ආපනශාලා ආදී කේෂ්ත්‍ර වල රැකියා වල නිරත අයට  හිමිවන රැකියා සුරක්ෂිත භාවය අඩු බව ඔහු පෙන්වාදෙන කාරණයක්. වැඩිහිටි සුරැකුම් සහ සෞඛ්‍යය වැනි කේෂ්ත්‍ර වල රැකියා ස්ථානයේ තත්වය පාලනයට රජයේ මැදිහත් වීම වැඩි නිසා එම කේෂ්ත්‍ර තුල රැකියාවන්හි තත්වය උසස් බව ඔහුගේ මතය වී තිබේ.

ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය 2010 වසරේ නිකුත් කල වාර්තාවකට අනුව මෙරට ඉදිකිරීම් කේෂ්ත්‍රයේ සිටින සේවකයින්ගෙන් සියයට 20ක් වයස  අවුරුදු 55ට වැඩි අය  බව සදහන්. මෙම තත්වය යටතේ ඉදිරි වසර 4 තුල මෙම හිඩැස පිරවීමට ශ්‍රමිකයින් 160,000 පමණ අවශ්‍ය වන බව සදහන්. වඩු වැඩ කරන පුද්ගලයින්, වැද්දුම්කරුවන්, මෝටර් කාර්මික ශිල්පීන්  සහ Metal fitters යන රකියන්වන්ට මෙහිදී වැඩි ඉල්ලුමක් පවතින බව සදහන්.
ICT Business Analyst
ICT Business Analyst Source: AAP

තවද ඕස්ට්‍රේලියානු ශ්‍රම බලකාය තුල, තොරතුරු තාක්ෂණික ක්ෂේත්‍රයේ සුදුසුකම් ඇති විදෙස් ශ්‍රමිකයින් සදහාද හොද ඉල්ලුමක් ඇති බව වාර්තා පෙන්වා දෙන කාරණයක්. Deloitte access economics නම් ආයතනය සම්පාදනය කල "Digital Plus" නම් වාර්තාවට අනුව, මෙරටට පැමිණෙන විදෙස් ශ්‍රමිකයින්ගෙන් සියයට 10ත් 15ත් අතර ප්‍රමාණයක් තොරතුරු තාක්ෂණ කේෂ්ත්‍රයේ රැකියා සදහා පැමිණෙන බව සදහන්.
එම ආයතනයේ ආර්ථික විද්‍යාඥ John  O'Mahony පවසන්නේ 2020 වන විට  ඕස්ට්‍රේලියානු තොරතුරු තාක්ෂණ කේෂ්ත්‍රයට ශ්‍රමිකයින් ලක්ෂයකට අසන්න පිරිසක් අවශ්‍ය බවයි. තොරතුරු තාක්ෂණය සම්බන්දයෙන් සුදුසුකම් ඇති උපාධිධාරීන්ගේ සංඛ්‍යාව පසුගිය වසර කීපය තුල ඕස්ට්‍රේලියාවේ පහත වැටි ඇති බව වාර්තා පෙන්වා දෙන කාරණයක්. මේ නිසා 457 වීසා  කාණ්ඩය යටතේ වසරකට විදෙස් ශ්‍රමිකයින් 10,000කට අසන්නන පිරිසක් ඕස්ට්‍රේලියානු ශ්‍රම බලකායට එක් වන බව සදහන්. තොරතුරු තාක්ෂණ කේෂ්ත්‍රය තුල software programmers, business analysts යන රැකියා සදහා වැඩි ඉල්ලුමක් ඇති බව O'Mahony මහතා සදහන් කරයි.
තොරතුරු තාක්ෂණයේ ව්‍යාප්තියත් සමගින් එම කේෂ්ත්‍රය හා බැදුණු රැකියාවන් තෝරා ගැනීම නුවණැති ක්‍රියාවක් බව ආර්ථික විද්‍යාඥ John  O'Mahony මහතාගේ මතය වී තිබේ.

ඕස්ට්‍රේලියානු රැකියාවෙලදපොල තුල වැඩි ඉල්ලුමක් ඇති රැකියා පිළිබද වැඩි දුර තොරතුරු සහ විසා  පිළිබද වැඩිදුර තොරතුරු www.border.gov.au  යන වෙබ් අඩවියෙන් ඔබට ලබා ගත හැකියි.


Share

Published

Updated

By Sanjaya Dissanayake
Presented by Sanjaya Dissanayake
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
සංක්‍රමණිකයන්ට ඕස්ට්‍රේලියානු ශ්‍රම බලකාය තුල ඇති අවස්ථාවන් මොනවද? | SBS Sinhala