SKIP TO MAIN CONTENT

Facebook ගිණුම් හිමියන්ගේ පුද්ගලිකත්වයට හානීකිරිම පිලිබදව Mark Zuckerberg සමාව ඉල්ලයි

මෙහිදී ප්‍රවීනයන් පෙන්වා දෙන වැදගත් කාරණයක් වන්නේ Facebook ආයතනයේ ව්‍යාපාර සැලසුමට (business model) අනුව Cambridge Analytica සමාගම පිළිබද සිද්ධියේදී අදාල ගිණුම් හිමියන්ගේ පුද්ගලිකත්වයට හානි කිරීමක් සිදු නොවන බවයි. එය එම ව්‍යාපාර සැලසුමේ ස්වරූපය බවද ඔවුන් පෙන්වා දී ඇති අතර Facebook ආයතනය සතු දත්ත මගින් ලාභ ඉපයීම ඔවුන්ගේ ප්‍රධාන අදායම් මාර්ගය වන බවද ඔවුන් පවසයි. එම දත්ත වල මූලය වටිනාකම ඩොලර් ට්‍රිලියන 0.5ක් බව සදහන්.

Facebook
Mark Zuckerberg admits mistakes were made in how Facebook protected its member's data. (AAP) Source: AAP

3 min read

Published

By Sanjaya Dissanayake

Source: SBS



Skip to article content

බ්‍රිතාන්‍ය තුල ස්ථාපිත දත්ත විශ්ලේෂණ සමාගමක් වන Cambridge Analytica සමාගම මිලියන 50කට අධික Facebook ගිණුම් හිමියන් පිරිසකගේ පුද්ගලික තොරතුරු අවභාවිත කල බවට මාධ්‍ය වාර්තා පළවීමත් සමග ලොව පුරා  සමාජ ජාල භාවිත කරන අයගේ අවධානය එම සිද්ධිය වෙත යොමු වී තිබේ. මිලියන 50කට අධික Facebook ගිණුම් හිමියන් සතු දත්ත ඔවුන්ගේ අනුදැනුමෙන් තොරව, රැස්කරගෙන මෘදුකාංගයක් නිර්මාණය කරමින් එය 2016 වසරේ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරණ වැඩසටහන සදහා භාවිතා  කිරීම අදාල Facebook ගිණුම් හිමියන්ගේ පුද්ගලිකත්වයට හානි සිදු කිරීමක් බවට Cambridge Analytica සමාගමට චෝදනා එල්ල වී තිබේ.

 

 

මේ සිද්ධිය මාධ්‍ය මගින් ප්‍රචාරය වීමත් සමග Cambridge Analytica සමාගම අදාල ගිණුම් හිමියන්ගේ පුද්ගලිකත්වයට හානි වන ලෙස කටයුතු කර අත්දැයි සොයා බැලීමට තම ආයතනය විමර්ශනයක් ආරම්භ කරන බව Facebook ආයතනය ප්‍රකාශයට පත් කළේය. මෙහිදී Cambridge Analytica සමාගම පුද්ගලිකත්වයට අදාල තොරතුරු ලබා ගන්නා ප්‍රශ්න විචාරන   මෘදුකාංගයක් (personality quiz app) මගින් අදාල ගිණුම් හිමියන්ගේ පුද්ගලික තොරතුරු රැස්  කරගෙන ඇති බව වැඩි දුරටත් සදහන් . කෙනෙකුගේ ජන්දය ප්‍රකාශ කිරීමට හේතුවන මානසික කරුණු කාරණා  එක්  රැස්  කරගෙන එම තොරතුරු, 2016 ඇමරිකානු ජනධිපති ධුර අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ ප්‍රචාරණ පණිවිඩ යැවීමට යොදාගෙන ඇති බවට තොරතුරු වාර්තා වී තිබේ.

 

මෙහිදී ප්‍රවීනයන් පෙන්වා දෙන තවත් වැදගත් කාරණයක් වන්නේ මෙය Facebook ආයතනයේ ව්‍යාපාර සැලසුමට (business model) අනුව පුද්ගලිකත්වයට හානි කිරීමක් නොවන බවයි. එය එම ව්‍යාපාර සැලසුමේ  ස්වරූපය බවද ඔවුන් පෙන්වා දී ඇති අතර  Facebook ආයතනය සතු දත්ත මගින් ලාභ ඉපයීම ඔවුන්ගේ ප්‍රධාන අදායම් මාර්ගය වන බවද ඔවුන් පවසයි. එම දත්ත වල මූලය වටිනාකම ඩොලර් ට්‍රිලියන 0.5ක් බව සදහන්. 

 

කෙසේ වෙතත් Facebook සහ  Cambridge Analytica ආයතනය අතර සම්බන්දය අලුත් කාරණයක් නොවන බවත් 2015 ද මෙවැනි සිද්ධියක් පිළිබද තොරතුරු වාර්තා වී ඇති නමුත් එය මෙතරම් දරුණු සිද්ධියක් නොවූ බවත් ජාත්‍යන්තර මාධ්‍ය පෙන්වා දී තිබේ.

 

 

මෙහිදී අදාල ගිණුම් හිමියන්ගේ පුද්ගලිකත්වයට හානි සිදුවීම පිලිබදව තමන් සමාව  අයදින බවත් ඉදිරියේදී එවන් සිදුවීම වලක්වා ලීමට කටයුතු යොදන බවත් මේ පිලිබදව විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් Facebook නිර්මාතෘ Mark Zuckerberg පසුගියදා ප්‍රකාශ කළේය. තවද අදාල ප්‍රකාශයේදී  Facebook ආයතනය කටයුතු කල ආකාරය සවිස්තරව ඔහු විසින් පැහැදිලි නොකිරීමද ජාත්‍යන්තර මාධ්‍ය වල අවධානයට යොමු වී තිබේ..

අන්තර්ජාලය මහජනතාවගේ එදිනෙදා  ජිවිතය හා බද්ධ වුනු කාරණයක් බවට පත්වෙද්දී රාජ්‍ය  ආයතන සහ ව්‍යාපාර අන්තර්ජාලය ඔස්සේ ජනතාවගේ දත්ත එක්රැස් කිරීම වර්තමානයේ සිදු වන අතර අදාල දත්ත වල පාලනය ජනතාව සතු විය යුතු බව මේ පිලිබදව තර්ක කරන පිරිසකගේ මතය වී තිබේ. මේ නිසා Facebook වැනි සමාජ ජාල පාලනයකට යටත් කල යුතු බව ඔවුන්ගේ මතය වී තිබේ.

Facebook, Google, සහ  Amazon යන ආයතන ඉතා ධනවත් බැවින් බොහෝ රටවල රජයන්ට වඩා  බලවත් ලෙස සමාජයට බලපෑම් එල්ල කිරීම මෙහිදී අභියෝගාත්මක කාරණයක් බවට පත්ව තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now