SKIP TO MAIN CONTENT

Facebook සමාජ ජාලය කැළඹු බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් ඇනලිටිකා ආයතනය වසා දමයි.

Cambridge Analytica firm to shut down.
Source: SBS

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

පසුගිය දිනවල Facebook සමාජ ජාලයේ සාමාජික දත්ත සොරකම් කළා යයි චෝදනා ලැබූ කේම්බ්‍රිජ් ඇනලිටිකා ආයතනය වසා දැමීමට යයි.

Facebook සමාජ ජලයේ සාමාජික දත්ත සොරකම් කළා යයි චෝදනා ලැබීමෙන් අනතුරුව ඔවුන්ගේ ව්‍යාපාරික කටයුතු දැවැන්ත ලෙස බිඳ වැටීම හේතුවෙන් මෙසේ එම ආයතනය වසා දමන බව වාර්තා වේ.

කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගම දේශපාලන උපදේශන සමාගමක් ලෙස බ්‍රිතාන්‍ය සමාගමක් යටතේ ක්‍රියාත්මක වුවකි.

කේම්බ්‍රිජ් ඇනලිටිකා ආයතනය පසුගිය ඇමෙරිකානු ජනාධිපතිවරනයේදී ප්‍රචාරක කටයුතු සඳහා ෆේස්බුක් ගිණුම් හිමියන්ගේ පෞද්ගලික දත්ත අනවසරයෙන් භාවිත කල බව පසුගියදා අනාවරණය වීමත් සමග ලොව පුරා සමාජ ජාල මෙන්ම පුද්ගලික භාවය පිළිබඳවද දැවැන්ත ගැටළු මතු විය.

ෆේස්බුක් පරිශීලකයින් මිලියන 87කගේ පමණ පෞද්ගලික දත්ත කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගම විසින් අනවසරයෙන් පරිහරණය කර ඇතැයිද එහිදී තහවුරුවූ අතර මේ සම්බන්ධයෙන් ෆේස්බුක් ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග් හට අමෙරිකානු කොංග්‍රසය ඉදිරියේ කරුණු දැක්වීමටත් සිදුවිය.

කේම්බ්‍රිජ් ඇනලිටිකා ආයතනය වසා දැමුවද ඔවුන්ට එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන සඳහා ඉන් කිසිදු බලපෑමක් නොවන බව ද පැවසේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now