Facebook සමාගම විසින් අලුත්ම dating app එකක් හඳුන්වා දීමට සුදානම් බවට facebook ප්‍රධාන විධායක නිලධාරී Mark Zuckerberg පවසයි. මෙය ලෝකයේ තනිකඩ ජනතාවට සහකරුවන් සොයා ගැනීම සදහා සහය වීමක් ලෙසට ඔහු පවසා තිබේ. මෙම හේතුව නිසා ජනප්‍රිය dating app එකක් වන tinder හි කොටස් 18%කින් පහත බැස ඇති බවද වාර්තා වේ.
Mark Zuckerberg පවසා ඇත්තේ facebook තුල මිලියන 200ක පිරිසක් තනිකඩ බවට සදහන් කර ඇති බවයි .
මෙම app එක කේටි කාලින සබදතා සදහා නොව දීර්ග කාලීන අර්ථවත් සබදතා වෙනුවෙන් බවයි .එය tinder වැනි සමාගම් වලට වඩා වෙනස් අර්ථයක් බවක් එයින් හැගවේ .
Zuckerberg මහතා විසින් මෙම නව app එක ලගදීම හඳුන්වා දෙන බවට F8 නම් සමුළුවේදී ප්‍රකාශ කොට ඇත. එය හඳුන්වා දෙන දිනය තවමත් හෙළි කොට නොමැත . facebook පිටුවේ දකුණු පස ඉහලින් මෙම app එක වෙත යාමට සකස් කරන බවටත් වාර්තා වී තිබේ
මෙය ක්‍රියාකාරී වන්නේ කෙසේද ?
මේ dating app පිටුව ඔබේ සාමාන්‍ය facebook ගිණුමට වඩා වෙනස් වන අතර , ඔබේ facebook මිතුරු මිතුරියන් ඔබේ අනාගත සහකරුවන් ලෙසට මෙහිදී පෙන්වා දීමක් සිදු නොවන බවත් සදහන්. ඔබේ dating ගිණුම ඔබේ සාමාන්‍ය facebook ගිණුම් සාමාජිකයන්ට නොපෙනේ. එසේම facebook හි messenger සේවාවට සම්බන්ධ නොවී වෙනත් සේවාවක් ඔස්සේ මෙහිදී ඔබට පණිවිඩ හුවමාරු කරගැනීමටත් අවස්තාව ලැබේ .
මෙමගින් facebook සමග මිනිසුන් ගත කරන කාලය වැඩි වීමක් ද බලාපොරොත්තු විය හැකියි .
එසේම facebook විසින් clear the history නමින් ඔබ විසින් සෙවීමේ යෙදුනු app ආදිය මකා දැමීමේ සේවාවක්ද හඳුන්වා දේ. එසේම එමගින් facebook හරහා ඔබට දර්ශනය වන වෙබ් අඩවි ආදියද නැවත්වීමට හැකිවේ. මේ දිනවල තාක්ෂණික සමාගම් පෞද්ගලිකත්වය පිළිබද අවධානයට ලක්ව ඇති නිසා , Mark Zuckerberg පවසා ඇත්තේ ඇමෙරිකානු කොන්ග්‍රසය හමුවේ ඔහුට සියලු ප්‍රශ්න වලට හරිහැටි පිළිතුරු දීමට නොහැකි වීම තුලින් යම් පාඩමක් ඔහු ඉගෙන ගත බවයි
source :ABC පුවත්

