SKIP TO MAIN CONTENT

Facebook සහ Instagram ළමයින් සහ යෞවනයන් සඳහා privacy settings දැඩි කරයි (SBS සිංහල/ වාර්තා)

තම සමාගම නව මෙවලම් ගණනාවක් සංවර්ධනය කර ඇති නිසා නව යොවුන් වියේ දරුවන්ට Facebook සහ Instagram apps භාවිත කරන විට යම් අපහසුතාවයක් දැනෙන්නේ නම් ඒ බව ඔවුන්ට දැනුම් දිය හැකි බව Meta සමාගම දැනුම් දෙයි.

Facebook and Instagram are tightening their privacy settings for children and teens
Source: AAP

2 min read

Published

By Madhura Seneviratne

Source: SBS


Skip to article content

Facebook සහ Instagram භාවිත කරන ළමයින්ව සහ නව යොවුන් වියේ පුද්ගලයින්ව අන්තර්ජාලයේ සිදුවන හානිවලින් තවදුරටත් ආරක්ෂා කිරීම උදෙසා Facebook හි මව් සමාගම වන Meta සමාගම නව යාවත්කාලීන කිරීම් සිදුකර තිබේ.

තමන් විසින්ම ගන්නා ලද ලිංගික ඡායාරුප අන්තර්ජාලය හරහා පැතිරීම නැවැත්වීමට ද Facebook නව මෙවලම් සහ අධ්‍යාපනය ක්‍රමවේදයන් සංවර්ධනය කරන බවද Meta සමාගම පවසයි. 

නව ආරක්‍ෂිත මෙවලම්

තම සමාගම නව මෙවලම් ගණනාවක් සංවර්ධනය කර ඇති නිසා නව යොවුන් වියේ දරුවන්ට Facebook සහ Instagram apps භාවිත කරන විට යම් අපහසුතාවයක් දැනෙන්නේ නම් ඒ බව ඔවුන්ට දැනුම් දිය හැකි බව Meta සමාගම දැනුම් දෙයි.

මෙම මෙවලම් භාවිතා කිරීම සඳහා ඔවුන් දිරිමත් කරන නව දැනුම්දීම් (notifications) Facebook හඳුන්වා දෙයි.

උදාහරණයක් ලෙස, නව යොවුන් වියේ පසුවන්නන් යම් පුද්ගලයෙකුව අවහිර කළ පසු අපට එම ගිණුම් වාර්තා කරන ලෙස අදාළ දරුවන්ව දැනුවත් කරන බව Facebook පවසයි.

වැඩිහිටියන්ගෙන් නුසුදුසු පණිවිඩ මග හරින්නේ කෙසේද යන්න පිළිබඳ තොරතුරු සහිත ආරක්‍ෂිත නිවේදනද ඔවුන්ට යවන බව සමාගම වැඩි දුරටත් පවසයි.

Facebook Settings 01.JPG
Credit: Facebook

නව යොවුන් වියෙහි දරුවන්ට Facebook වෙතින් නව Privacy Defaults

දැන් වයස අවුරුදු 16 ට අඩු හෝ ඇතැම් රටවල අවුරුදු 18 ට අඩු සියලු දෙනා Facebook හා එක් වූ විට අමතර private settings අනිවාර්යෙන් පෙර සකසා පැමිණෙනු ඇත.

දැනටමත් Facebook app එකක් ඇති නව යොවුන් වියෙහි දරුවන්ට මෙම අමතර private settings තෝරා ගැනීමට දිරිමත් කරන බව ද Meta සමාගම නිවේදනය කරයි.

ඒ අනුව පහත settings වලින් එම දරුවන් ගේ ආරක්ෂාව සැලසීමට Facebook වෙත හැකිවෙයි:

  • ඔවුන්ගේ මිතුරන්ගේ ලැයිස්තුව දැකිය හැක්කේ කාටද?
  • ඔවුන් follow කරන පුද්ගලයින්, Facebook පිටු සහ ලැයිස්තු බැලිය හැක්කේ කාටද?
  • ඔවුන්ගේ profile එක ටැග් කර ඇති posts දැකිය හැක්කේ කාටද?
  • ඔවුන්ව tag කර ඇති posts ඔවුන්ගේ profile එකෙහි දිස් වීමට පෙර සමාලෝචනය කිරීම
  • ඔවුන්ගේ public posts වලට අදහස් දැක්වීමට අවසර ඇත්තේ කාටද?
  • මේ හා සමාන ආරක්‍ෂිත ක්‍රමවේදයක් Instagram වෙතද මේ වන විට හඳුන්වා දී තිබේ.
FB 01 (1).jpg
Credit: Facebook

ලිංගික ඡායාරුප අන්තර්ජාලය හරහා පැතිරීම නැවැත්වීම

යොවුන් දරුවන්ගේ නොමනා ඡායාරුප අන්තර්ජාලය හරහා පැතිරීම නැවැත්වීමට ද Meta සමාගම පියවර ගෙන තිබේ.

විශේෂයෙන් එම ඡායාරුප ඔවුන්ව සූරාකෑමට භාවිතා කරන බවත් පොදුවේ "sextortion" ලෙස එය හැඳින්වෙන බවත් ඔවුහු පවසති.

අතිශය පුද්ගලික සහ ලිංගික ඡායාරුප සම්මුතියකින් තොරව හුවමාරු කරගැනීම අතිශයින් බරපතල හානිකර ක්‍රියාවක් විය හැකි බවත් Facebook සහ Instagram apps වල මෙවැනි ඡායාරුප හුවමාරු කරගැනීම යොවුන් දරුවන්ව අධෛර්යමත් කිරීමට කළ හැකි සියල්ල කිරීමට අවශ්‍ය බවත් Meta සමාගම නිවේදනය කරයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now